නත්තල් කන්න කොමිස් ගිලින මීගමුවේ මන්ත්‍රිවරු කව්ද ?

0
99

cp_thug2_cමේ දිනවල මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක මහත්වු උද්යෝගයකින් කටයුතු කරනු පෙනේ.
ඒ නත්තල වෙනුවෙන් මහජනයාට ඇති මහත්වු භක්තියක්ද පෙන්වමිනි.
මේ සදහා  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 4 දෙනෙකුගෙ කල්ලියක් ක්‍රියාත්මක බවද සැලය.
මේ කල්ලියට නායකත්වය දෙන් ලබන්නේ කොමිස් ගැහැලි වංචා කටයුතු යනු ”සිම්පල් කේස්’‘ යැයි සිතා කටයුතු කරන හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකි.
ඔහු සැම දිනකම උදෙන්ම නගරාධිපති කාමරයේ වාඩිගන්නේ කෙසේ හෝ නත්තලට වැඩියෙන් කොමිස් ගතහැකි ටෙන්ඩර ටික පාස්කරගැනිමට  කළ හැකි දේවල් සොයාබලන්නට යැයි නගර සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
නන්තලට පාට පාට ලයිට් දැමිල්ල මෙන්ම නත්තල් පොලවල් ගැන මහත් උනන්දුවක් ඇත්තේද මේ මන්ත්‍රින් පිරිසටමය.
මේ සියළු ටෙන්ඩර්වලට ඇත්ත ටෙන්ඩර් කරු වන්නේද ආණ්ඩුපක්ෂ නාගාරික මන්ත්‍රිවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here