නත්තල් දින සුරාසැල් වහලා !

0
447
liquorstore-1නත්තල් දින සුරාසල් වසා දැමීම සඳහා  සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය පවසයි.
නත්තල් දින සුරාසල් විවෘත කර තැබීම කනගාටුවට කරුණක් බව කොළඹ රදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඊයේ (19 වැනිදා)  ප්‍රකාශය කොට තිබුණි.
 කෙසේ වෙතත් සුරාසල් වසා දමන දිනයන්හි නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා වැටලීම් සිදුකළ යුතු බවද සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටි.
මෙදින රටපුරා විශේෂ මුර සංචාර හා පුහුණු සිදු කිරිමටත් සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා සුරාබදු නිලධාරින් 1000 ක් පමණ සේවයේ යෙදවිමටද නියමිතය.