නත්තල් පොල ටෙන්ඩර් සටනින් සරත් පිළ පරාදයි

0
64

 

මීගමුවේ නත්තල් පොල යනු පුවත් මවන තැනක් බවට පත්ව ඇත.එය වසර ගණනාවක් පාලනය කලේ මිරිස් ඇන්ටනි හෙවත් ඇන්ටනි නැමැත්තාය. එය පමණක් නොව ඔහු විසින් නගරයේ අනෙකුත් පොලවල්ද පාලනය කළේය.මේ පාලනය වෙනස් කරමින් 2009 වසරේ නත්තල් පොල මීගමුව මහ නගර සභාවේ පාලනයට නතු කලේය.

සිදුවුයේ  තිබුනාටත් වඩා දරුණු තත්වයකි.නිමල් ලංසා ඇමති වරයාගේ ප්‍රබල අධාරකරුවෙක් වු  නගර සභාවේ ආදයම් නිලධාරියෙක් වු ජයනාත් නැමැත්තාගේ මුලිකත්වයෙන් මේ දැවන්ත මංකොල්ලය ක්‍රියාත්මක විය.නත්තල් පොලේ බිම් කඩවල් වෙළදුන් වෙත අලෙවි වුයේ නගර සභාවේ තක්සේරු මුදලට වඩා පස්ගුණයකට වඩා ඉහල මිළකටය.මේ මංකොල්ල ය සදහා නගර සභාව් ඇතැම් නිලධාරින්ද සහභාගිව සිටියහ.මේ කප්පම් සෙල්ලම රටම දැනගත්තේ නෙත් FM. ගුවන් විදුලිය විසින් සිය බැලුම්ගල වැඩසටහනින් එළිදරව් කිරිමත් සමගය.

මෙවර නත්තල් පොලේ ටෙන්ඩරය  සරත් පිලේ ඉල්ලුම්කරුවෙක් වෙත නිත්‍යාණුකූල ලබා දි තිබු අතර ඔවුන් විසින් නගර සභාවට මුදල්ද ගෙවා තිබුණි.

තතු එසේව තිබියදි හදිස්සියේ රැස්වු මුදල් කාරක සභාව මෙම ටෙන්ඩරය අවංගු කරමින් එය මෙවර නගර සභා පාලනයට භාර කිරිමට තින්දු කර තිබුණි.එපමණක් නොව මෙම කාරක සභාවේදි තිරණය කර තිබුනේ නගර සභා පාලනය යටතේ ඇති අනෙකුත් පොලවල් ටෙන්ඩර මුදල 10% කින් වැඩිකර දැනට කරන අය වෙතම ලබාදෙන්නටය.මේ අනුව මීගමුවේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබු බිච් පාක් එක නැවත් ලංසා ඇමැතිවරයාගේ පියා වෙත පැවරි ඇත.

මුදල් කාරක සභාවේ මේ තින්දුව සම්මත කිරිමෙන් පසුව ඊයේ පැවැති හදිසි මහසභාවේදි මෙම පොල ටෙන්ඩර යෝජනාව කිඩිමුඩියෙ සම්මත කරගන්නා ලදි. මේ ටෙන්ඩර පටිපාටින්ට එරෙහිව ඡන්දය දිමට එජාප මන්ත්‍රි කණ්ඩායම තිරණය කර තිබුනද එහි මුදල් කාරක සභා නියෝජිතයා වු කැලිසන් ජයකොඩි කිසිදු වචනයක් නොදොඩා ආණ්ඩු පක්ෂයට අවශ්‍ය දේ කරන්නට ඉඩදෙමින් තමාව එයට පත්කර ගැනිමේ කටයුත්ත නිසි ලෙස ඉටු කළේය.