නත්තල් පොළේ කප්පම් කල්ලි පාලනය කරන්න නාගරික කොමසාරිස්ට බැරිද ? රොයිස් විජිත අසයි ?

0
65

මීගමුව  පොළවල් මුල්කොට ගෙන මුතව ඇති කප්පම් කථාවලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.ඒවා පාලනය කිරිම සදහා යහපාලන රජය යටතේ වත් පියවර ගනිතැයි අප බලා සිටියද එය එසේ සිදුවන බවක් නොපෙනේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට ප්‍රතිචාර ලෙසින් මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා විසින් මීගමුව නගාරිකකොමසාරිස්වරයා වෙත යවන ලද ලිපියක් අප වෙත එවා තිබේ.
ඒ අනුව මේ කප්පම් කල්ලි පාලනය කිරිමේ වගකිම දැන් පැහැදිලිව ඇත්තේ මීගමුව නගාරික කොමසාරිස් ඇතුළු අදාල පරිපාලන අධිකාරිය වෙතය.
එහෙත් අපට දැනට ලැබෙන තොරතුරු වලට අනුව කියැවෙන්නේ මෙසේ කප්පම් ගැනිම් ගැන සොයාබැලිම සදහා මීගමුව මහනගර සභාව විසින් පත්කර ඇත්තේද පසුගිය දශකය කාලය පුරාවට මීගමුවේ කප්පම් ගැහැලි ඇුතුළු තවත් බොහෝ දුෂිත ක්‍රියාවලට කප් ගසා ඇති නගර සභාවේම අදායම් නිළධාරින් පිරිසක් බවය.
මේ අනුව මීගමුවේ පදික වෙළදුන්ට සාධාරණයක් වෙතැයි අප නම් විශ්වාස නොකරමු.
මෙහිදි මතු කළ යුතුව ඇති අනෙක් කරුණ වනුයේ මේ නත්තල් පොළේ ටෙන්ඩරු ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දොස්තර කාවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු විම නිසාම යහපාලන ප්‍රතිපත්ති පිළිපැදිමට බැදි සිටින මෙවන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තමන්ගේ ආධාරකරුවන් හට කරුනු ලබන බලපෑම කවරකාරද යන්නයි.
මේ සම්බන්ධයෙන් අදාල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කටයුතු කරනු ලබන ආකාරය ගැන අප මහත් ඕනෑකමින් යුතුව බලාසිටින්නෙමු.
tmp_9294-image-0-02-06-eb7b89589dc4b2a0845f95849f5c345532ffd878f0900d7b5c1c83be1ebc1396-V-85294943