නත්තල් සමයේ පරිභෝජනයට නුසුදුසු අන්දමේ භාන්ඩ වෙළඳාම් කළ කඩ 19 කට නඩු

0
171

දෙසැම්බර් 20-21 යන දිනයන් හී මීගමුව සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්  විසින්  නගරයේ කඩසාප්පු පරීක්ෂාවක් සිදුකරන ලදී.  මෙහි අරමුණ වී තිබුණේ නත්තල් උත්සව දිනට පෙර වෙළෙදුන්  තමන්ට හැකි උපරිමයෙන් ලාභ ගරාගැනීමට සුදුසු නුසුදුසු ඔ්නෑම දෙයක් යොදා ගන්නා නිසා  ඒ පිළිබඳව සොයා බැලීම බව මීගමුව  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත මහතා සඳහන් කරන ලදී.
එහිදී පරීක්ෂා කළ කඩ  ගණන 28ක් වන අතර ඒවායින් වැරදි නිවරදි කරගැනීමට අවවාද කළ කඩ 8ක් වේ. පරිභෝජනයට නුසුදුසු අන්දමේ  භාන්ඩ වෙළඳාම් කළ කඩ 19කට නඩු පවරා තිඛේ.
මෙම වැටලීමේදී  අළෙවියට හෝ පරිභෝජනයට නුසුදුසු භාන්ඩ වර්ග 12ක් විනාශ කර තිඛේ. ඒ අතර කල් ඉකුත් වූ නිශ්පාදන,පරණ වූ ආහාර ,මැස්සන්ට හා දූවිල්ලට නිරාවරණය වූ ආහාර , ප්‍රයෝජනයට ගෙන ඉතිරිවා ශිතකරණයට දමා තිබූ ආහාර වේ.
මෙම මෙහෙයුම සඳහා සෞඛ්‍ය පරීක්ෂක  නිලධාරීන් 12 දෙනෙකු සහභාගී වූහ.

????????????????????????????????????

DSC_0500

????????????????????????????????????
????????????????????????????????????