නත්තල් සුවඳ විඳින්න , අපෙන් නත්තල් ගහක් අරන් යන්න.

0
192

 

නත්තල් උත්සවයේ ප්‍රධානතම සංකේතයක් වූ නත්තල් ගස් ගැන පුංචි කතාවක් කියන්නයි මේ හදන්නේ
නත්තල් උත්සවයට අපේ ගෙවල්වල අපි වැඩ කරන කාර්යාලවල එහෙම නැත්නම් අපේ ව්‍යාපාරික ස්ථානවල සහ අපි වැඩ කරන කර්මාන්තශාලාවල පවා නත්තල් ගහක් හදලා සරසන්න අපි අමතක කරන්නේ නැහැ මේක කතෝලික අය විතරක් නෙමෙයි, කතෝලික නොවන අයත් දැන් මේ නත්තල් ගස් සැරසීම සිරිතක් විදිහට නත්තල් කාලෙට කරනවා. ඉතින් බොහෝ තැන්වල තියෙන්නේ කඩෙන් අරන් ඇවිල්ලා සරසා ගන්න පුළුවන් එක එක ආකාරයට ප්ලාස්ටික් වගේ දේවල් වලින් හදපු කෘතිම නත්තල් ගස්. අද වෙද්දි මේවා වෙළඳපොලේ හරි සුලභයි. චීනයෙන් මැලේසියාවෙන් සිංගප්පූරුවෙන් වියට්නාමයෙන්,ඩුබායි වලින් වලින් විතරක්ම නෙවෙයි ඉතාලිය වැනි යුරෝපයේ රටවල් වලින් පවා ගෙනත් විකුණන නත්තල් ගස් අද මග තොටේ තියෙන නත්තල් සැරසිලි කඩවල්වලින් ඉතාම අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්.
හැබැයි කොච්චර ලාබෙට සුලභව මේ ප්ලාස්ටික් නත්තල් ගස් මගතොටේ සහ නත්තල් සැරසිලි කඩවල් වල විකුණන්න තිබුණත් සීතල කන්ද උඩරට ඉඳලත් ස්වභාවික නත්තල් ගස් කොළඹ මීගමුව වගේ ජනාකීර්ණ ප්‍රදේශවලට නත්තල් දිනයට ලං කරලා විකුණන්න අරගෙන එනවා.WhatsApp Image 2024 12 24 at 06.47.50 69ee08a9

ඉතිං පුංචි රෝමය කියන මීගමුවෙත් එහෙම ස්වභාවික නත්තල් ගස් විකුණන තැන් කිහිපයක්ම මේ දවස්වල තියෙනවා. එහෙම ස්වභාවික නත්තල් ගස් විකුණන එක තැනක් තමයි මීගමුවේ ගල්කන්ද හන්දියේ ලෙකෝ එක ගාව තියෙන්නේ. එතන මේ වැඩේ කරන්නේ බදුල්ලේ ඉදලා ආපු දෙන්නෙක්.එක්කෙනෙක් තමයි වීරසිංහ. අනිත් කෙනා ශාන්ත. මේ දෙන්නාගේම පදිංචිය බදුල්ලේ.
අපිත් එක්ක මුලින්ම කතාවට මුල පිරුවේ වීරසිංහ. වීරසිංහ කියන විදිහට අපි මේ ස්වභාවික නත්තල් ගස් කියලා කියන්නේ “සයිප්‍රස්” ගහේ අතු වලට. සයිප්‍රස් ගස් වැවෙන්නේ සීත කඳුකර පළාත්වල. නුවරඑළිය, බදුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, පස්සර සහ මඩොල්සිම වගේ ප්‍රදේශවල. විරසිංහ කියන්නේ නම් මේ සයිප්‍රස් ගස් ලංකාවට ආවේණික වෙච්ච ගහක් නෙමෙයිලු .මේක බොහෝ වෙලාවට සීත දේශගුණයක් සහිත රටකින් ලංකාවට ගේනල්ලා ඇති කියලා තමයි ඔහු කියන්නේ. කොහොම වුණත් මේ ගස් වැඩීගෙන සාමාන්‍ය උසක් යද්දී මේ ගහේ දල්ල කඩන්න ඕනලු. එතකොට තමයිලු වැඩි උස යන්නේ නැතුව අතු පතර විහිදලා ඒ ගස පිරිපුන් විදිහට වැඩෙන්නේ. අන්න එහෙම හොඳට අතුපතර විහිදුණු ගස් තමයිලු මේ වාගේ නත්තල් කාලෙට කපලා කොළඹ මීගමුව වගේ නගර වලට අර ගෙන එන්නේ, විකුණන්න
වීරසිංහ කියන්නේ මේ ගස් හිතුමනාපෙට අනවසරයෙන්, කපන්න තහනම්ලු. මේ ගස් කපනවා නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට ගිහිල්ලා ආර්.එෆ්. ඕ නිලධාරිගෙන් ඒ කියන්නේ ප්‍රාදේශීය වන සංරක්ෂණ නිලධාරිට දැනුම් දීලා එයාගෙන් අනුමැතියක් අරගෙන ඊට පස්සේ කොට්ඨාශ වන සංරක්ෂණ නිලධාරිගෙනුත් (ඩී. එෆ්. ඕ.) අනුමැතිය ගන්න ඕනෑලු. ඊට පස්සේ තමයිලු මේ ගස් වල අතු කපන්න දෙන්නේ. ඊට පස්සේ ඒ කපාපු අතු ප්‍රවාහනය කරන්න ඒ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රවාහන බලපත්‍රයක් ගන්නත් ඕනලු. ඒකට රුපියල් 8,000 ක් විතර වගේ මුදලක් වැය වෙනවා කියලත් වීරසිංහ කියනවා. එහෙම අමාරුවෙන් අවසර අරගෙන එහෙම කපා ගත්තු මේ සයිප්‍රස් ගස්වල අතු ටික ඊට පස්සේ කොළඹට මීගමුවට වගේ පැතිවලට අරන් එන්න ගිහාම තමයිලු විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ. වීරසිංහ කියන්නේ නම් මේ පාර මේ අතු ටික ගේන්නම ප්‍රවාහන ගාස්තු හැටියට රුපියල් 75000 ක් විතර ගියාලු මේවා පටවන් ආපු ලොරියටම. ඉතින් ලොරිය තියාගන්න බැරි හන්දා ලොරිය ආපහු පිටත් කර යවලා. කොහොම වුණත් පසුගිය 20 වෙනිදා බදුල්ලෙන් පිටත් වුනු මේ දෙන්නා, පසුගිය 21 වෙනිදා ඉඳලා, මීගමුව ගල්කන්ද හන්දියේ මේ නත්තල් ගස් විකුණන වැඩේ තවම කරනවා. වීරසිංහ කියන්නේ නත්තල් දා රෑ ,ඒ කියන්නේ 24 වෙනිදා රෑ වෙනකම් මෙයාලා මේ ගල්කන්ද හන්දියේ ඉන්නවලු.
මේ නත්තල් ගහක් සාමාන්‍ය රුපියල් 1000 ඉඳලා ගන්න පුළුවන්. වීරසිංහත් එක්ක ඉන්න අනිත් කෙනා ඒ කියන්නේ ශාන්ත, එයා කියන්නේ දැන් සෑහෙන කාලයක් ඉඳලා හැම නත්තලකටම වගේ එයාලා මීගමුවේ ගල්කන්ද හන්දියට මේ විදිහට නත්තල් ගස් අරන් එනවලු. හැබැයි මේ දෙන්නම කොරෝනා වසංගතය ආවට පස්සේ මීගමුවට ඇවිල්ල තියෙන පළවෙනි වතාව මේක. එදා නත්තල් ගහක් වික්ක ගානට වඩා එකට එකක් වැඩියි කියලයි ශාන්ත අපිත් එක්ක කිව්වේ. ඒ කියන්නේ ලංකාවට කොරෝනා වසංගතය එන්න කලින් රුපියල් 1000 කට විතර වික්ක නත්තල් ගහක් අද විකුණන්න වෙලා තියෙන්නේ රුපියල් 2000 කට විතර වගේලු.
මෙයාලා ගාව රුපියල් 1000 ඉඳලා රුපියල් 6000 ක් 7000 ක් වෙනකන් නත්තල් ගස් විකුණන්න තියෙනවා. හැබැයි ඉතින් මේ දෙන්නම කියන්නේ ප්ලාස්ටික් නත්තල් ගස් නම් බොහොම අඩු මුදලකට මිල දිලා ගන්න පුලුවන්ලු. තව මේ දෙන්නම කියන කාරණයක් තමයි එහෙම අඩු මුදලට ප්ලාස්ටික් සහ විවිධ විදියට හදපු නත්තල් ගස් අඩු මුදලට ගන්න තියෙන නිසා මේ ස්වභාවික නත්තල් ගස් එහෙම නැත්නම් මේ සයිප්‍රස් අතු මිලදීගන්න මිනිස්සු බොහෝ දෙනෙකු පෙළඹෙනවා අඩුයිලු.
කොහොම වුනත් මේ දෙන්නම කියන කාරණයක් තමයි, නගරවල ජීවත්වන මිනිස්සු බොහෝ දෙනෙක් එයාලගේ රැකියාවන් ,ගෙදර වැඩත් එක්ක දරුවන්ගේ අධ්‍යාපනය වගේ වැඩත් එක්ක හිර වෙලාලු ඉන්නේ. ඉතින් එහෙම අය බලන්නේ කොහොම හරි කඩෙන් ප්ලාස්ටික් නත්තල් ගහක් අරන් ගිහින් පහසුවෙන් ඒක සරසගන්නලු. හැබැයි ශාන්ත නම් කියන්නේ නියම නත්තල් ගහ ගැන දන්න කෙනා කීයක් වියදම් වුණත් සයිප්‍රස් අත්තක් අරන් ගිහිල්ලා තමයිලු නත්තල් ගහ හදන්නේ.IMG 20241224 WA0013

මේ දෙන්නම මේ දවස් ටිකේ මෙතනම තමයි ඉන්නේ. කඩෙන් කෑම ගෙනල්ලා කාලා ,රෑට නිදාගන්නෙත් මෙතන මලු . මොකද කවුරුහරි ඇවිල්ලා රෑට බැරිවෙලාවත් නත්තල් ගහක්වත් හොරෙන් අරන් ගියොත් ඒකත් මෙයාලට විශාල පාඩුවක් විදිහට දැනෙනවා කියලා තමයි මේ දෙන්නම අපිට කිව්වේ
ඉතින් මේ දෙන්නා එක්ක අපි ඔය විදිහට නත්තල් ගස් ගැන කතා කරලා එතනින් එන්න හදද්දී ශාන්තයි, වීරසිංහයි හරි අපූරු කතාවක් අපිට කිව්වා.
” මහත්තයෝ ඔය චීනෙන් එහෙන් මෙහෙන් රටවල් වලින් ගෙන්නන ප්ලාස්ටික් නත්තල් ගහ ලයිට් වැල් දාලා, ඩෙකරේශන් මල් වැල් දාලා සර්ව පිත්තර කෑලි එල්ලුවට. ඒ කෘතිම ගස්වල තියෙන්නේ කලඑළියක් විතරයි. එහෙම නත්තල් ගහක් ගෙදරක හරි කොහේ හරි තිබ්බට නත්තල් කියලා ඇඟට හිතට දැනෙන්නේ නැහැ. නියම නත්තල කියලා දැනෙන්න නම් මේ සයිප්‍රස් අත්තක්ම අරගෙන ගිහිල්ලා සරසලා ගෙදරක හරි ඔෆිස් එකක හරි තියන්න ඕනි. මොකද නත්තලේ නියම සුවඳ තියෙන්නේ මේ සයිපුස් අත්තකින් හදන නත්තල් ගහක විතරයි. මේ වගේ නත්තල් ගහක් ගෙදරක තිබ්බහම මුළු ගෙදරම අමුතුම සුවඳක් විහිදෙනවා. ඒවා අපේ නාස් පුඩු අතරින් අපේ මුළු ඇඟටම යනවා. ඇත්තටම කියනවා නම් එතකොට තමයි අපිට නියම නත්තලක් කියලා දැනෙන්නේ. මේ නත්තලේ සුවඳ විඳින අය කොහොමටවත් ප්ලාස්ටික් නත්තල් ගස් අරගෙන යන්නේ නෑ. කීයක් හරි වැඩිපුර වියදම් වුණත් එයාලා අරන් යන්නේ මේ වගේ ස්වභාවික සයිපුස් අතතක්. ඉතින් මහත්තයෝ අපි මේ කියන දේ මීගමුවේ අයට කියන්න. නත්තලේ ප්‍රධානම සංකේතය නත්තල් ගහ නම් , නත්තල් වල නියම සුවඳ තියෙන්නේ මේ සයිප්‍රස් අත්තකින් හදන ස්වභාවික නත්තල් ගහක පමණයි කියන පණිවිඩය මීගමුවේ අයට කියන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here