එහෙත් ඒ සිහිනය පසුගිය දිනක බිදවැටුනේ යළිත් පල්ලියේ සහය තමන්ට එපා යැයි කියන්නට තරම් සිත්තැවුලක් මේ සැමගේ සිත් තුල නොමැකෙන සේ සටහන් තබමිනි.ජිවත්විමට ඇති අපහසුව නිසා මේ ගමන ගියත් එය වැරදි බව තමන් පිළිගන්නා බවත් යළිත් කිසි දිනක මෙවන් වැරදි නොකරන බවට අපි සියල්ලෝම පෙොෙරාන්දු වන බවත් එක හඩින් පවසා සිටි සැම ඉන් අනතුරැව තමන්ගේ කඳුළු කතාව ඉකි ගසමින් මාධ්‍ය හමුවේ පැවසිය.
”අපේ ගෙවල්වල කන්න නෑ දරැවෝ ඉස්කොලේ යවන්න බෑ. ගෙදර ලයිට් කපල දැන් මාසයක් වෙනවා අපි ඉන්නේ කරුවලේ බිල ගෙවාගන්න බෑ.අද මේ ගමන එන්නවත් සල්ලි නෑ.ුඅපේ අය එදා 48 දෙනෙක් ගියා බිෂොප් හවුස් රු 200 ගානේ දාල සල්ලි එකතු කරගෙන බස් එකක් අරන්. මේ ගිය අයෙගෙන් 28 දෙනෙක් එදා උදේටවත් දවල්ටවත් කෑෙව් නෑ. කන්න අපි ලග සල්ලි නෑ.එහෙම අසරණ වෙච්ච අපට තමයි එදා අර බිෂෝප් තුමා පරුෂ චචන කිව්වේ.
කමක් නෑ උඩ දෙවි කෙනෙක් ඉන්නවා. එයා දන්නවා අපි කොයිතරම් දැන් අසරණද කියල.”
ඒ සැමට තිබුනේ ඇඩු කඳුලෙන් කියන්නට ඇත්තේ එකම කථාවකි.
නත්තලට පෙර සිය සැමියන් සිරගෙදරින් නිදහස් කරගැනිමට නොනිත් ආශාවෙන් පසුවු මේ අයගේ සිහිනය දැන් කෙමෙන් බොඳවෙන්නට පටන්ගෙනය.