නත්තල ලස්සන කරන සුනිල්ගේ කතාවත් අහන්න. …

0
127

 

මේ ඉන්නේ මිරිස්වත්තේ ඉඳලා මීගමුව නගරයට ඇවිදින් නගරයේ ඉන්න අයටයි, නගරයට යන එන අයටයි නත්තල් සැරසිලි විකුණන 34 හැවිරිදි සුනිල් සාගර. ඔහුට තම ජීවිකාව ගෙන යන්නට ස්ථිරයි කියලා රැකියාවක් නැහැ. ඔහුගේ රැකියා වෙන්නේ මේ වගේ පාර අයින් වල වෙළෙඳාම් කරන එක. දැන් මේ නත්තල් කාලේ නිසා ඔහු මේ විදිහට නත්තල් සැරසිලි වික්කත් වෙන කාලවල් වලට මනි බඩු ⁣, සෙල්ලම් බඩු වගේ දේවල් විකුණන එක තමයි පසුගිය අවුරුදු වල රැකියා විදියට කරලා තියෙන්නේ.

“මට ස්ථිර රස්සාවක් නෑ, දේවාල මංගල්වල ,පල්ලි මංගල්ලවල, සැණකෙළි තියෙන තැන්වල මහා පාර තමයි අපි මේ විදියට බිස්නස් කරන්න. ඒක තමයි අපේ රස්සාව වෙන්නේ. මම තවම කසාද බැඳලා නෑ. මගේ පවුලේ මගේ අම්මයි මල්ලියි විතරයි ඉන්නේ. මල්ලි මේසන් රස්සාව කරන්නේ. අපි මේ පාර මීගමුවට ආවේ දෙසැම්බර් 06 වෙනිදා. අපි දෙසැම්බර් 24 වෙනදා රෑට කඩේ අස් කරනවා.”IMG 20241221 WA0125 1

සුනිල් සාගර කියන විදිහට ලක්ෂ දෙකකටත් වඩා වැඩි මුදලක් දීලා තමයි මේ කඩේ ඔවුන් මෙදා පාර ටෙන්ඩර් එකෙන් අරන් තියෙන්නේ. සුනිල් සාගර කරන මේ නත්තල් සැරසිලි බිස්නස් එක එය ආගම එකක් නෙමෙයි. වෙන කෙනෙකුගේ බිස්නස් එකක් තමයි ,දවසේ පඩියට සුනිල් සාගරණය කරන්නේ . සුනිල් සාගර කියන විදිහට ඔහුට දවසකට රුපියල් 2000 ක විතර වගේ ආදායමක් මේ බිස්නස් එකෙන් ඔහුට ගෙවනවාලු. ඔහු කියන ප්‍රධානම කාරණය තමයි ඔහු බිස්නස් කරලා තියෙන වෙනත් නගර එක්ක සසඳලා බලද්දි මීගමුව කියලා කියන්නේ බිස්නස් කරන්න හොඳම නගරයක්ලු. ඔහු ඒ පිළිබඳව මෙහෙම අපිට කිව්වා.IMG 20241221 WA0078IMG 20241221 WA0127
” මම වෙන ටවුන් වලත් බිස්නස් කරලා තියෙනවා. වෙන බොහෝ ගම්වලත් බිස්නස් කරලා තියෙනවා.හැබැයි මීගමුව වගේ එකක්වත් නෑ. මේක ඔය බිස්නස් කරන්න හරි ලේසියි.මීගමුවේ ඉන්නේ කිසිම ලෝස් කමක් නැතිව වියහියදම් කරන පිරිසක්.එහෙම අයට බිස්නස් කරන එක හරි ලේසියි.ආයේ පෙරත්ත කර කර ඉන්න දෙයක් නෑ. එයාලගේ අවශ්‍යතාවය සහ අපේ ගාන සාධාරණය කියලා හිතුනොත් එයාලා අනිවාර්යයෙන්ම ඒවා සල්ලි දීලා ගන්නවා. ඉතින් අපිත් ආසයි ඒ වගේ ටවුන් බොහොම සාධාරණව බිස්නස් කරන්න. අපි ගාව වැඩිපුරම තියෙන්නේ නත්තල් සැරසිලි, ඒ වගේම නත්තල් ගස්, ගවලෙන් ආදියත් අපි ගාව විකුණන්න තියෙනවා”.
සුනිල් සාගර කියන්නෙම එයාලගේ ජීවිතේ වැඩි කාලයක්ම ගෙවෙන්නේ මහා පාරවල් වලමලු. මොකද මේ වාගේ බිස්නස් කරන්න වෙලා තියෙන්නේ පාරවල් අයින් වල තියාගෙන නේ. ඉතින් කොහොම වුණත් ඔහු කියන කාටත් කරදරයක් නැතුව,කාගෙවත් දේවල් හොරකම් නොකර මහන්සියෙන් මේවගේ කරන බිස්නස් එකක් කරගෙන ජීවිතය ගැට ගහගන්න යන්න එකක් ලොකු දෙයක්ලු.
” මහත්තය අපේ ජීවිතයේ ලොකු බලාපොරොත්තු කියලා දෙයක් නෑ. අද මීගමුවේ බිස්නස් එක කෙරුවට ,හෙට කොහේ බිස්නස් කරන්න වෙයිද කියලා අපිවත් දන්නේ නෑ. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ කාටත් කරදරයක් නැතිව, අපේ බිස්නස් එක ගැන පාඩුවේ ජීවත් වෙන්න. ඉතින් මීගමුව කියලා කියන්නේ ඇත්තටම හොඳ බිස්නස් පොයින්ට් එකක්. මීගමේ බිස්නස් එකක් හරියට කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. ඒක මම කියන්නේ අත්දැකීමෙන්මයි.”

ඔහු අවසානයේ අපිත් එක්ක එහෙම කිව්වා. ඉතින් අපි ඔහුට සමු දීලා ඉන් හදද්දී ඔහු අපිට මෙන්න මෙහෙම දේකුත් කිව්වා.
” මහත්තයෝ අපිට නත්තල් නැතිවුනාට, ඔයාලා හැමෝගෙම නත්තල ලස්සන කරන්න අපි දායක වුණා කියන එක මතක තියාගන්න “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here