නත්තල සැමරීමට මුහුදට ගොස් ජීවිත 2ක් අහිමි වෙයි.

0
56

sea
ඊයේ ( 25 )   නත්තල සමරමින් කටුනේරිය මුහුදු වෙරළට ගොස් විනෝද වෙමින් සිටිය දී රැල්ලට හසුවි ගසා ගෙන ගිය පුද්ගලයෙකු ඛේරා ගැනීමට ගිය අයෙකුත් සමග දෙදෙනාම මුහුදුට ගසා ගෙන ගොස් ඊයේ : 25 දා – පස්වරු මිය ගොස් ඇති බව මාරාවිල පොලිසියෙන් වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ කටුනේරිය පහල කටුනේරියේ විසු සමන් චින්තක ප්‍රනාන්දු (47 ) හා කටුනේරිය බෑන්කඩ හංදියේ විසු දුමිදු ජයමහ ( 33 ) නමැති අයවලුන් වේ.
නත්තල් උදාවත් සමග විනෝද වීමට කටුනේරිය වෙරළට පැමිණි පිරිස ඊයේ ( 25) දා 7- පස්වරු 4 30 ට පමණ  රැළි පාගමින් වෙරළේ විනෝද වෙමින් කාලය ගත කර ඇති බවත් ඒ අතර එක් පිරිසක සිටි අයෙක් විශාල රැල්ලකට හසුවි මුහුදට ගසා ගෙන ගිය අතර එය දුටු අයෙක් මුහුදට ගසා ගෙන ගිය ගලවා ගැනීම පිණිස මුහුදට පැන ඔහුව අල්ලා ගැනීමට තැත් කල අවස්ථාවෙි දි දෙදෙනාම එම රැල්ලකට හසුවි මුහුදට ගසා ගෙන ගොස් අතුරුදහන්ව තිඛේ.
පසුව අසල් වාසින් එකතුව අතුරුදහන්ව සිටි දෙදෙනා සොයා ඇති අතර එහිදි දෙදෙනා හමුවු බවත් පසුව ඔවුන් වහාම මාරාවිල මුළික රෝහලට ගෙන ගියත් ඒ වන විටත් මුහුදේ ගිලි සිටි දෙදෙනා මිය ගොස් සිටි බවත් හෙළි වි ඇත.
මරණ පරික්ෂණ කටයුතු අද ( 26 ) – මාරාවිල මුලික රෝහලේ දී සිදු කිරිමට නියමිතව ඇත. මාරාවිල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස් ඩී ආර් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.
හලාවත –   ඔගස්ටින්  ප්‍රනාන්දු