නයන පිනවන නයනාගේ මල්වත්ත

0
295

IMG_2231මීගමුව -කාමච්චෝඩයේ ,විස්ත්‍රීන් මාවතේ පදිංචි වි සිටින නයනා ජීවත්වන්නේ පර්චස් 4ක කුඩා නිවසකය. කාමච්චෝඩේ කරවල මාර්කට් එක පසෙකින් දිවෙන කුඩා බිම් තීරුවේ ඔවුන්ගේ නිවාස පිහිටා ඇති අතර පුංචි අතුරු පාරක්ද මෙම නිවාස ඉදිරියෙන් තැනී ඇත.
නිවසත් වසාගෙන  ඇති නයනාගේ මල්වත්ත අඩි කීපයක වුවත් මනරම්ය.
දුටුවෙකු සිත ඇදී යයි. මෙතරම් පුංචි ඉඩක ඇයගේ ඉස්තෝප්පුව දිස්වන්නේ පුංචි ගෙවුයනක් ලෙසිනි.
සේවයෙන් සමුගත් නයනා මෙම මල් පැල වගාව පටන් ගෙන  ඇත්තේ දැනට අවුරුදු 3කට පමණ පෙර විනෝදාංශයක් ලෙසය. තවමත් විනෝදාංශයක් ලෙස මේ මල්වත්ත පවත්වාගෙන යන ඇය ඉදිරියේදී මේවා අළෙවි කරන්නට ද බලාපොරොත්තු  වන්නීය.
විස්ත්‍රින් මාවතම එළිය කර ඇති නයනාගේ මේ පුංචි ගෙවත්තේ තියන්නට ඉඩ නැති මල්-එළවලු පැළ ඒ අවට පුංචි පුංචි ඉඩකඩ වලද  තබාතිබෙනු දුටිමි. ඒ වගේම ඇගේ සුනඛ මිතුරාද මේ පුංචි ඉඩකඩේ ඔවුන් සමග ජීවත් වෙයි.





කුමාරි ප්‍රනාන්දු

Save