ඉහල වත්තේගම ප්රදේශයේ සෝමේ නමින් මුදලාලි කෙනෙකු ජිවත්විය.ඔහු එම ගමේ කාගෙත් උපහාරයට ලක් වූ පුද්ගලයෙකි. මා ඇසූ මේ කතා සොමේගේ අමුතුම අත්දැකීමක් විය ..
දිනක් සෝමේ තම දෙවන පුතු වන සමීර සමඟ තම ගෙවත්තේ මිදුලේ සෙල්ලම් කර සිටියහ.එහිදී එකෙනෙහිම එතනට පැමිනි නාගයෙකු සෝමේගේ කකුලේ පැටලීය.නමුත් සර්පයාට දෂ්ඨ කිරීමට නොහැකි විය. මේ පිලිබඳව නයා සමඟ වෛර බැඳි සොමේ තමා හට තිබූ බලපත්ර සහිත ගිනිඅවිය ගෙන නාගයා වෙත පත්තු කලේය.නමුත් නාගයා බේරී ගියේය.
දින කිහිපයක් ගෙවී ගියේය.වරින් වර මෙම නාගයා සොමේගේ නිවස අවට ගැවසෙන බව දුටු ඇතැම් අය මේ බව සොමේට දැන්වීය. සොමේගේ පවුලේ උදවියාද මෙම නාගයා දුටුවේය.මෙම සිදුවීම මුලු ගමම කලබල කලේ නයෙක් සොමේ මාමා පස්සේ එනවා කියාය. මෙය හිසරදයක් වී සිටි සොමේ සාස්තරයක් ඇසීමට සීතීය.එම සාස්තරය පරිදි දින 07 ක් තුල සොමේව කෙසේ හෝ දෂ්ඨ කරන බවත් එසේ නොවුනහොත් නාගයා මියයන බවත් කීවේය. පසුව දින 07 ක් සොමේව ආරක්ෂා කර තබා ගත්තත් අවසාන සෙනසුරාදා දිනක තමා ගේ පිටුපස ගල් ගොඩක් අසල ඉව අල්ලමින් සිටි නාගායා දුටු සොමේගේ සුරතලා වූ බ්රව්න් නගායා එලවා ගල් ගොඩ වෙත ගියේය. එවිට නාගයා බ්රව්න්ගෙ දිවට දෂ්ඨ කරන ලදි.නමුත් නාගයා සමඟ පොරබදා කෙසේ හෝ නාගයාගේ බෙල්ලේන් අල්ලාගෙන සැපීය. එවිට නාගයාගේ අවසානය විය. නමුත් අවාසනාවට නයාගේ දෂ්ඨ කිරීම නිසා බ්රව්න්ගේ අවසානයත්එදා විය විය
ඩිල්ෂාන් තිසේරා