නයාරු සංචාරක ධිවරයන්ගේ දුක්ගැනවිල්ල..

0
76

මොනා නැතත් කොරෝනා ඉස්සරහට දලා නායරූවේ අපේ සිංහල මිනිස්සූන්ව හිර කරගෙන රස්සාව නැති කරලා දාන්න දිසාපතිලා , PHI ලා ඔය කට්ටියම එකතු වෙලා ලස්සන වැඩ පිළිවෙලක් කරගෙන යන හැඩැයි 😏 මොකද ඔක අස්සේ covid නම් ඒ අවශ්‍යය විශබීජ නාසක වගේ සෞඛ්‍ය වැඩපිළිවෙලවල් යන්න එපැයි .

මේක අස්සෙ මේ ඒ කිසිම දෙයක් නෑ . මේ පාර විතරක් නෙමේ අපි ආපු ගියපු හැම පාරකම මේ වගේ වැඩකට නැති සිද්ධියක් දාලා දවස් හතරකට පහකට හරි අපිව හිර කරනවා තමා ..

අපි සංචාරක ධීවරයින් අපි මේකට ආවේ කීයක් හරි හරි හම්බ කරගෙන නැවත අපේ උපන් ගම්මාන කරා යන්න.. අපි මේකේ ස්ථිර පදිංචිකාර‍යෝ නෙමේ .අපි මේක අයිති කරගන්න අවෙත් නෑ .. හිතුමනාපෙට PCR කරලා හතර පස්දෙනෙක් අරන් ගිහිල්ලා ආයෙ දවස් දෙක තුනකින් මෙහෙට ගෙනල්ලා දානවා ගෙනල්ලා දාන්නෙත් නෑ අපිමයි වාහන කතා කරගෙන එන්න ඔනේ අලි මදිවට කොටී කිව්වාලූ යන එනමන් අතේ සතේ නැතුව මෙහෙ හිර වෙලා ඉන්න කොට ඒ වලටත් සල්ලී වියදම් කරන්න වෙලා දැන්. මොකක්ද මේ වැඩපිළිවෙළ කාගේ අනුදැනුමක් ඇතුවද මේක වෙන්නේ ..

මෙහේට අවේ අපි සෙල්ලම් කරන්න නෙමෙයි.අපි ලෝන් දලා ණය අරගේන තමා මේ බොට්ටු බඩු ගන්නේ අපීව මෙහේම නිකරුනේ හිරකර ගත්තාම ඒවා කවුද ගෙවන්නේ මෙතන කාටත් positive වුණේ නෑ.

ලක්ෂ ගණන් වල කරවල මාළු වාහන වල පිනෑස් ලීසිං සමිති සමාගම් ණය මේ ඔක්කෝටම ගෙවන්න වෙන්නේ අපි රස්සා කරෝත් විතරයි අපිට කාගෙන්වත් ලැබෙන්නෑ . මෙතන සාධාරණ පැත්තක් නෑ අසාධාරණ පැත්තක් තියෙන්නෙ , කියන්න තියෙන්නේ නිකරුනේ අපි පලි ගන්නවා කියන එක විතරයි ., මේ තත්ත්වය එකාට පැහැදිලි කෙරුවත් ලොකු තැන් වලට යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් විදියේ කතාවක්, මේක අස්සෙ ඉන්න අපි විතරයි දන්නේ මෙතන මොකක්ද වෙන්නෙ කියලා ..

දැන් නිරෝධායන කාලසීමාවත් පැන ඇත . එහෙත් කිසිදු සහනයක් තවත් නොමැත .. මාස 5ක ඉතා කාලයක් මෙහි රැඳෙන අප දැන් එම මාස පහෙන් තවත් ඇත්තේ මාස දෙකක් වනි ඉතා කෙටි කාළයක්ය. ඉතින් අපී ඔබගෙන් විමසන්නේ මේ අපිව හිර කරාගෙන තියන් ඉන්නේ ඇයි කියන එකයි නිකරුණේ .. අපිට කියන්න අපිට පෙන්නන්න කාටද positive උනේ කියලා .. අපේ දුක දන්නේ අපි විතරයි ..

නායරූවේ සංචාරක ධීවර ජනතාව
(උපුටා ගැනිම ලංකා ධිවරයා ෆේස්බුක් පිටුවෙනි )