නයිකන්දේ පහත්බිම්,වගුරුබිම් ගොඩකිරීමට එරෙහිව ජනතාව පෙළගැසෙති !

0
143

 

( 10.00 am ) කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව ඇති
” නයිකන්ද ” හා ඒ අවට පෞද්ගලික ඉඩම් වශයෙන් තිබෙන පහත් බිම් සහ වගුරු බිම් සංවර්ධනය කිරීමේ අරමුණෙන් යුතුව යැයි පවසමින් පස් හා වෙනත් ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය ගෙනැවිත් දමා එම ඉඩම් ගොඩකිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වුණි. එලෙස එම පහත් බිම් සහ වගුරු බිම් ගොඩකිරීමකට ලක්වුවහොත් ඒ අවට ගම්වල ජීවත්වෙන ජනතාවට විවිධ පාරිසරික ගැටලුවලට හා ඒ තුළින් පැන නැගෙන තවත් අර්බුද හා ගැටළු ගණනාවකට මුහුණ පෑමට සිදු වේ.
මේ සියලු කරුණු කාරණා වගකිවයුතු බලධාරීන්ට,සහ කටුනායක නයිකන්ද අවට ගම්වල වෙසෙන ජනතාව ඇතුළු සමස්ත ගම්පහ දිස්ත්‍රික් ජනතාවටත් එලෙසම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරන ජනතා නියෝජිතයන්වද නිසි ලෙස දැනුවත් කිරීම, සඳහා වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද දින (30/03/2025) කටුනායක දී පැවැත්විණි.
කටුනායක, නයිකන්ද , ” මලිදු ” හෝටලයේ අද පෙරවරුවේ පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාව, සංවිධානය කර තිබුණේ කෝවින්න,ආඬඅම්බලම, කිඹුලපිටිය “පරිසර සුරැකුම් සංවිධානය ” මගිනි. එම පරිසර සුරැකුම් සංවිධානය සමඟ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන ද එකතුව මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ ආඬිඅම්බලම වේළුවනාරාම විහාරාධිපති ගරු විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනි.

IMG 20250331 WA0032

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය වූ ප්‍රධානතම කරුණු කාරනා වූයේ කටුනායක නයිකන්ද ආශ්‍රිතව පෞද්ගලික ඉඩම් ලෙස ඇති මෙම පහත්බිම් සහ වගුරු බිම් ව්‍යාපාරික වුවමනා මත , සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මත යැයි කියමින් ගොඩ කරනු ලැබුවහොත් කෝවින්න, ආඬිඅම්බලම, කිඹුලාපිටිය , කටියල දමින්නගහවත්ත, පීල්ලවත්ත සහ බටපඳුර වැනි තවත් ප්‍රදේශ ගණනාවකටම දැඩි ගංවතුර තර්ජනයක් ඇති විය හැකි බවයි. සුළු වර්ෂාපතනයකදී පවා මෙම ප්‍රදේශ දැනටමත් ජලයෙන් යටවී ගංවතුර තත්වයක් ඇතිවෙන අතර මෙලෙස ඉතිරි වී ඇති සෙසු පහත් බිම් සහ වගුරු බිම් ද ගොඩකිරීමකට ලක්වුවහොත් අධික ලෙස වර්ෂාව ඇතිවන කාලවලදී ඇතිවන දැඩි ගංවතුර තත්ත්වයකදී ,එම ගංවතුර බැස යාමේදී අවහිරතා මතු වී ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ, නිදහස් වෙළඳ කලාප කර්මාන්තශාලා වැනි මෙරට ආර්ථික මරමස්ථාන පවා අඩපණවී එය රටේ සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ලුකරුනු ඇත. එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය ද නිසි ලෙස පවත්වාගෙන යාමටද නොහැකි තත්ත්වයක් උදා වනු ඇත. එලෙසම දැනට ඇති නිරීක්ෂණයන් අනුව දින දෙක තුනක කාලයකට අඛන්ඩව වර්ෂාවක් පැවතියහොත් ගම්පහ නගරයටද නගරය ආශ්‍රිත ප්‍රදේශවලටද දැඩි ගංවතුර තත්ත්වයක් ඇති විය හැක. එසේ වුවහොත් ගම්පහ ප්‍රදේශයේ සිට කොළඹට හෝ මීගමුවට පැමිණිය හැකි පහසුම මාර්ගය වන්නේ මිනුවන්ගොඩ , ආඩිඅම්බලම හරහා කටුනායකට පැමිණීමය. නමුත් එවන් තත්ත්වයකදී නයිකන්ද ප්‍රදේශයේ ගංවතුර ගලා යාමට ඇති මෙම පහත් බිම් අවහිර වුවහොත්,එම පහත්බිම් පමණක් නොව එම ගම්මාන,ද එලෙසම මහා මාර්ග ද ජලයෙන් යට වී දින ගනනක් පැවතිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ ප්‍රදේශයේ ප්‍රවාහන දුෂ්කරතා ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇත. විශේෂයෙන්ම මාර්ග අංක 245 මිනුවන්ගොඩ- කටුනායක මාර්ගයේ අධික වාහන තදබදයක් ඇතිවීම හා එම පාලමේ පැවැත්මට ද මෙම තත්ත්වය විශාල බාධාවක් වනු ඇත. මේ අනුව මේ සියලු කරුණු කාරණා හොඳින් විමසා බැලීමේදී පෙනීයන මූලිකම කරුණක් වන්නේ මෙම පහත් බිම් සහ වගුරු බිම් ගොඩකිරීමකට ලක් නොකළ යුතු බවයි. ඒ සඳහා නීත්‍යානුකූල පදනමකින් සමන්විත පොරොන්දුවක් වගකිවයුතු බලධාරීන්ගෙන් සහ වගකිවයුතු දේශපාලඥයන්ගෙන් ලබාගත යුතුව ඇත. මේ අනුව මෙම සාකච්ඡාවේ දී ,වැඩි වශයෙන්ම අවධානයට ලක් කෙරුනේ එකි ගම් ප්‍රදේශයක් හැටියට නොව මේ බරපතල පරිසරක ප්‍රශ්නය වෙනුවෙන් අවධානමට ලක්වී ඇති සියලු ගම් ප්‍රදේශ වල ජනතාව එකට එක් වී සහ හොඳින් සංවිධානය වී මෙම ගැටළුවට මුහුණ දී මෙම අභියෝගය ජයගත යුතු බවයි. ඒ සඳහා සියලුම ජනතාව එකම සංවිධානයක් ලෙස ගොනුවී දැවැන්ත ශක්තියක් ලෙස ප්‍රතිසංවිධානය යුතු බවද මෙම මාධ්‍ය සාකච්ඡාව තුළ දී අවධාරණය කෙරිණි.IMG 20250331 WA0035

IMG 20250331 WA0034IMG 20250331 WA0036IMG 20250331 WA0037 1එමෙන්ම මෙම පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපති විශ්‍රාමික ග්‍රාම නිලධාරී ටී.දයා සුනිල් මහතා පැවසුවේ දැනටත් මෙම ප්‍රදේශයේ සහ ඊට අවට ගම් ප්‍රදේශවල ඇති වී තිබෙන පරිසරික ප්‍රශ්න වලට පෞද්ගලික වශයෙන් කිහිප දෙනෙකු නීතිය ඉදිරියට ගොස් යම් සිදුවීම් සහ කරුණු කාරණා සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවයි. එනිසා මෙතැන් පටන් මෙම පරිසරය සුරැකීමේ සංවිධානය හරහා සියලු ජනතාව ඒකරාශී වී පුද්ගලික කටයුත්තක් ලෙස නොව සාමූහික කටයුත්තක් සේ සලකා සියලුම පිරිස් එකට එක් වී කටයුතු කළ හැකි වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී තිබීම මේ සඳහා ලද එක් සාර්ථකභාවයක් ලෙස සැලකිය හැකි බවයි.

IMG 20250331 WA0038 1
සුමුදු කුමාර
IMG 20250331 WA00431
කුමුදුනි ජයවීර
IMG 20250331 WA0039 1
සංඛ චන්දිම අබේවර්ධන
IMG 20250331 WA0040 1
ටි.ජි වික්‍රමසිංහ
IMG 20250331 WA0041 1
චමින්ද රත්නායක
IMG 20250331 WA0042 1
කේ .කේ.ඒස් ප්‍රියන්ත

එලෙසම මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පරිසරවේදීයෙකු ලෙස කටයුතු කරන සංඛ චන්දිම අබේවර්ධන මහතා විශේෂ දේශනයක් සිදු කළේය. විශේෂයෙන් මෙම දේශනයේදී ඒ මහතා ඓතිහාසික කරුණු, සාක්ෂි පදනම් කරගෙන ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති කාලයේ සහ, ඊට පෙර මෙරට රජකළ රජවරුන් විසින් ජලය බැස යාම සඳහා මේ ප්‍රදේශ හරහා ස්ථාපිත කළ ක්‍රමවේද සහ උපක්‍රම පිළිබඳව සුවිශේෂී පැහැදිලි කිරීමක් සිදු කළේය.

තවද මෙම පරිසරව සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුමුදු කුමාර මහතා , අඩිඅම්බලම විදුහලේ හිටපු විදුහල්පති ටී. ජී. වික්‍රමසිංහ මහතා, එමෙන්ම නයිකන්ද ප්‍රදේශයේ වෙසෙන කුමුදුනී ජයවීර මහත්මියද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරමින් අදහස් දැක්වීය.

තවද කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති චමින්ද රත්නායක මහතා සහ ආණ්ඩියම්බලම ගොවි සංවිධානයේ සභාපති කේ.කේ..එස්. ප්‍රියන්ත මහතා ද විශේෂ අදහස් දැක්වීමක් සිදු කල අතර එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ගැටළු විසඳීමේදී රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීම සහ මෙම ගැටලු අරභයා නීතියේ පිළිසරණ සෙවීමේදී මුහුණ පෑමට සිදුවන අභියෝගයන් පිළිබඳවයි.

කෙසේ වුවද මෙම පරිසරය සුරැකීමේ සංවිධානය හා ඒකාබද්ධ වී ඉදිරි කාලයේදී මෙම නයිකන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇති පහත් බිම් සහ,වගුරු බිම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් ගොඩකිරීමට එරෙහිව කටයුතු කිරීමට මෙහි පැමිණ සියලු දෙනා එකමුතුව වැඩ කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළහ. ඒ අනුව ඉදිරි සාකච්ඡාවකදී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බවද මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා පැමිණ සිටි පිරිස අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here