නයිනමඩමේ ස්වරාජ්‍යපුරය…

0
491
මහත්මා ගාන්ධි තුමන් නයිනමඩමට පැමිණි අවස්ථාව
2008 වසරේ පැවැති උත්සවයේ අවස්ථා
මහත්මා ගාන්ධි තුමන් නයිනමඩමට පැමිණි අවස්ථාව

මීගමුවේ සිට හලාවත දෙසට යන විට නයිනමඩම පාලම පසු කරන විටම දකුණු පැත්තේ කුඩා පුවරුවක් ඇත. එහි සටහන්ව අැත්තේ ස්වරාජ්‍ය පුරය යනුවෙනි.
මෙහි සැබෑ අරුත ගැන නොදන්නා බොහෝ දෙනා කල්පනා කරනු ඇත්තේ මෙය කුමක්ද යන්නයි.

ශ්‍රි ලංකාවත් ඉන්දියාවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයවාදීන්ට නතුව තිබූ කාලයේ එනම් 1927 වසරේ නොවැම්බර් මස 10 වැනි දින මහත්මා ගාන්ධිතුමන්  ශ්‍රි ලංකාවට සැපත්ව වෙන්නප්පුව, නයිනමඩම ග්‍රාමයට පැමිණ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් තමන් ඇරඹි අවිහිංසාවාදී  ස්වරාජ්‍ය ( නිදහස්, ස්වෛරී රාජ්‍යයක් ) සංකල්පය පිලිබදව එවකට ශ්‍රි ලංකාවේ නිදහස වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ජන නායකයන් ඇතුළු ප්‍රභූ පිරිස දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්විය.
මෙම ථෙතිහාසික සිදුවිම සමරමින් ගාන්ධි තුමන්ගේ 139 වැනි ජන්ම දින සංවත්සරය සැමරීමේ විශේෂ උත්සවයක්ද  2008/10/02 දින සවස නයිනමඩම වික්ෂෝප මාතා දේවස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදි
නයිනමඩම මීසමත්, මහත්මා ගාන්ධි පදනමත් සහ දහම් පහන සංවිධානයත් එකට එකතුව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
එම සුවිශේෂී වූ ගෞරවාන්විත අවස්ථාව සිහිවීම පිනිස එලෙස එතුමන්ගේ පාද ස්පර්ශය ලද නයිනමඩම ග්‍රාමයේ වික්ෂෝප මාතා දෙව්මැදුරු පරිශ්‍රයේ ප්‍රධාන ද්වරය අසල සමරු පලකයක් නිරාවරණය කිරීම ද මෙම ජන්ම දින සංවත්සරයට සමගාමීව එදා සිදුකර තිබුණි.

1927 වසරේ නොවැම්බර් මස 10 වැනි දින ගාන්ධිතුමන් නයිනමඩම ග්‍රාමයට පැමිනි ඒ සුවිශේෂී ඓතිහාසික අවස්ථාවේදී ගාන්ධිතුමන්ට මල් මාලාවක් පැලදූ එවකට වයස අවුරුදු 06 ක්වූ කුඩා සිගිති දැරියක්ව සිටි බර්තා ප්‍රනාන්දු මහත්මියට

ගාන්ධිතුමන්ට මල් මාලාවක් පැලදූ එවකට වයස අවුරුදු 06 ක්වූ කුඩා සිගිති දැරියක්ව සිටි බර්තා ප්‍රනාන්දු මහත්මිය

ගෞරවාචාරය පුද කිරීමේ අවස්ථාවක්ද මෙහිදී සංවිධානය කර තිබිනි.