නයිනමඩම හා සින්දාත්‍රිය වෙරළ තීරය අපවිත්‍රයි – බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද??

0
98

සති කීපයක සිටම නයිනමඩම වෙල්ලමංකරය කම්මල හා සින්දාත්‍රිය වෙරළ තීරය විවිධාකාරයේ කැළි කසල වලින් අපවිත්‍රවීම නිසා එම පරිසරය දැඩි ලෙස හානියට පත්වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි. පසුගිය ගංවතුර කාලයේ මුහුදට ගලා ආ ජලකඳත් සමග ආ අපද්‍රව්‍ය වෙරළ තීරයට ගොඩගැසීම නිසා මෙම තත්වය ඇති වි තිබෙන බවත් විශේෂයෙන් ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය විශාල වශයෙන් වෙරළ තීරයේ ගොඩැසීම නිසා විශාල පරිසර හානියක් වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙති.මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා පරිසර නිළධාරින් දැනුවත් කලත් විසඳුමක් නොමැති බව ඔවුන් පැවසූහ. මෙම අපද්‍රව්‍ය අතර විශාල වශයෙන් ප්ලස්ටික් තිබීම නිසා පුළුස්සා දැමිමට හෝ වල දැමිමට නොහැකි නිසා වෙරළ තීරයෙන් එම ද්‍රව්‍ය බැහැරට ගෙනගොස් විනාශ කිරිමට කටයුතු කරන මෙන් බළධාරින්ගෙන් ඉල්ලා සිටි.

මෙම අප ද්‍රව්‍ය තිබීම හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයන් මෙන්ම ධීවර රැකියාව කරන පිරිස්ද අපහසුතාවයට පත්වන බව ඔවුන් වැඩි දුරටත් පැවසීය,මෙම අපද්‍රව්‍ය ගංඟා ජලය සමග ආවත් එය ජලයට විසි කරන්නේ මීනිස් දෑතකි. අප ඉතා ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ඔබ විනාශ කරමින් ඉන්නේ ඔබට සොභා දහමින් ලැබුණූ අපූරූ දායාදයකි. එය අරක්ෂා කිරිම ඔබගේ යුතුකමකි. ඔබ සොභා දහමත් සමග ආදරණියව බද්ධ වනතාක් සොබාදහම ඔබව අරක්ෂා කරනු ඇත. ඔබේ නිවාඩුව ඔබේ විවේකය ගංඟාවක් අසබඩ මුහුදක් අසබඩ ගත කරන ඒ ඒ මොහොතට කෘතගුණ සැලකීමක් ලෙස ඔබ රැගෙන යන ප්ලස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය ඔබත් සමගම නැවත ගෙන යන්න, පරිසරය අරක්ෂා කරන්න, පරිසරය අලංකාරව තබා ගන්න, මතකයේ තබාගන්න.

chndana

chandana4

chandana2

chandana1

chanadana3

 

ඡායාරූප හා සටහන –  චන්දන ප්‍රනාන්දු