නවලෝක රෝහලේ සේවාවන් මීගමුවේ ජනතාව වෙත ව්‍යාප්ත කෙරේ

0
592

11737867_1520379018252188_4600828209341392858_n
දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල එහි තවත් ශාඛාවක් 2014 නොවැම්බර් මස මීගමුවේදී විවෘත කරන ලදී” අගනගරයෙන් පිටත සිටින ඔවුන්ගේ බුද්ධිමත් සේවාදායකයන් සදහා සේවාව ලබා දීමට ඉදි වූ පළමු ප්‍රාදේශීය නවලෝක රෝහල මෙය වේ”

අප මේ පියවර ගනුලැබුවේ කොළඹින් පිටත සිටින අපගේ සේවාදයකයන් හට සේවය සැපයීමේ අරමුණින්” මේ නිසා  තමන්ගේ වෛද්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් රෝගීන්ට නිතර නිතර කොළඹට පැමිණීමට අවශ්‍ය නොවේ” සියලු පහසුකම් සහිත අතිනවීන රෝහලක් ඔවුන්ගේ දොරකඩ පිහිටා තිබීම හදිසි අවශ්‍යතාවයන් සහිත රෝගීන්ට මහත් වාසියක්”” නවලෝක රෝහලේ                   කළමණාකරු වන නාලක නිරෝෂන් මහතා පවසයි”[divider]

අත්දැකීම් බහුල වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් දැන් මීගමුවේ


වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා පුහුණු වෘතිකයන්ගෙන් සැදුම්ලත් කාර්‍යමණ්ඩලය නිසා මීගමුව ප්‍රදේශයේ ජනතාවට හොඳම වෛද්‍ය සේවාවන් සපයන රෝහල නවලෝක රෝහල බවට අවිවාධිතය” ආරම්භයේ සිට ගෙවී ඇති මාස 6 තුල මීගමුවේ පවතින විශාල වත්කමක් බවට නවලෝක රෝහල පත්වී ඇත”
ර්‍ඉහළ ගුණාත්මකභාවයකින් සහ කිසිදු විශමතාවයකින් තොරව රෝගීන්හට සේවය සැපයීමේ අරමුණින් කොළඹ නවලෝක රෝහලේ සිට මීගමුවට අත්දැකීම් බහුල වෛද්‍ය වෘතිකයන් අනුයුක්ත කොට ඇත” නාලක මහතා වැඩිදුරටත් පැවසීය”

අවශ්‍යතාවන් සපුරාලීම


රෝගීන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සදහා රෝහල ඇදවල් 75කින් හා කාමර 50කින් සමන්විත වෙයි” රෝහලේ කාමර අධි සුඛෝපභෝගී අර්ධ සුඛෝපභෝගී හා සුඛෝපභෝගී ලෙස වර්ගීකරණයකට ලක් කර ඇත” ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට සරිලන පරිදි මෙම කාමර සඳහා විශාල පහසුකම් ප්‍රමාණයක් සපයා දී ඇති අතර ඒ අතරට අධි තාක්ෂණික රූපවාහිනී යන්ත්‍ර තමන්ගේ ආහාර උණුසුම්ව තබා ගැනීමට අවශ්‍ය මයික්‍රොවේව් උදුනක් කුඩා ප්‍රමාණයේ ශීතකරණයක් මෙන්ම අලංකාර කෑම මේසයක්ද අයත් වේ”
රෝහලේ ඇති තවත් අද්විතීය අංගයක් වන්නේ එහි ඇති වෛද්‍ය පහසුකම් ප්‍රමාණයයි”  රෝගියෙකු රෝහල් ගත වන විට තමන්ගේ ප්‍රතිකාර සඳහා වැයවන මුදල රෝගියා දැන නොසිටීම මේ වන විට පවතින විශාල ගැටලුවලින් එකක්” නමුත් නවලෝක රෝහල මේ සදහා විසදුමක් ඉදිරිපත් කර තිඛෙනවා” රෝහල හදුන්වා දී ඇති වෛද්‍ය ප්‍රතිකාර කාණ්ඩයන් සඳහා ඔවුන් නිශ්චිත මුදලක් දක්වා ඇති නිසා යම්කිසි රෝගියෙකු රෝහල් ගතවන විටම ඔවුන්ට වියදම් වන මුදල් ප්‍රමාණය ඔවුන් දැන සිටිනවා” නාලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය”[divider]

සියලු පහසුකම් සහිත ගුණාත්මක සේවය  


ඉහත පහසුකම් වලට අමතරව සියලුම පහසුකම් වලින් සපිරි රෝග විනිශ්චය කිරීමේ හැකියාව සියලු පහසුකම් වලින්  පිරි ගිලන්රථයක් ප්‍රසූතිකාගාරයක් පැය 24ම විවෘත ඖෂධාගාරයක් රෝගීන්ට කාමර මෙන්ම විශාල ඉඩ ප්‍රමාණයක් ඇති රථගාලක්ද මෙම රෝහල සපයන පහසුකම් වලට ඇතුලත්ය” එලෙසම ශල්‍යාගාර 3ක්ද රෝහල සතුය” ලැපරොස්කොපික් ශල්‍යකර්මයද ඇතුලුව ශල්‍යකර්ම වර්ග විශාල ප්‍රමාණයක් සිදුකිරීමට ප්‍රමාණවත් වන පරිදි මෙම ශල්‍යාගාර සියලුම පහසුකම් වලින් සමන්විතය” මීගමුව නවලෝක රෝහල සතු තවත් විශේෂ අංයක් වනනේ සියලුම දේ අන්තර්ගත දැඩිසත්කාර ඒකකයයි” මෙම දැඩිසත්කාර ඒකකයන් වෛද්‍ය දැඩිසත්කාර ඒකකයකින් හා ශල්‍යමය දැඩිසත්කාර ඒකකයකින්ද සමන්විතය” රුධිර කාන්දුකරණය සදහාම විශේෂිත වූ ඇදවල් විශාල ප්‍රමාණයක්ද ඊට අන්තර්ගතවීම නිසා මෙම පහසුකම් ලබා ගැනීමට නිතර කොළඹ යාමට රෝගීන්ට ඇති අවශ්‍යතාවය මෙමගින් මගහැරී ඇත”
හදිසි අවස්ථාවකදී නවලෝක රෝහලේ ගිලන්රථ සේවය රෝහලට වැඩි අගයක් එකතු කිරීමට සමත්ය” අනෙකුත් ගිලන්රථ සේවාවන්ට සාපේක්ෂව නවලෝක රෝහල් ගිලන්රථ සේවයේ ඇති විශේෂත්වය වන්නේ රෝගියා ගිලන්රථයට ඇතුලු වන මොහොතේ සිටම රෝගියා නවලෝක රෝහලේ පූර්ණ අධීකෂණය යටතේ පසුවීමයි” එලෙසම නවලෝක ගිලන්රථ සේවාව හරහා රෝහලට ඇතුලත් වන රෝගීන්ට ඉන්පසුව හොදම සේවාව සැපයීමටත් රෝහල සූදනම්ව සිටී”


[divider]

 

 අපගේ සේවාවන්

•    හදිසි ප්‍රතිකාර ඒකකය : (ETU) –
•    බාහිර රෝගී අංශය :  (OPD)
•    විශේෂඥ වෛද්‍යසේවාවන්
•    ෆාමසි
•    රසායනාගාරය
•    ව්‍යායාම ඊසීජී  පරීක්ෂණ
•    එකෝ පරීක්ෂණ
     අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ
•    දන්ත ඒකකය
•    ප්‍රතිශක්තීකරණ ඒකකය
•    ඩිජිටල් එක්ස් – රේ
•    සීටී ස්කෑන්
•    භෞතචිකිත්සාව
•    දැඩිසත්කාර ඒකකය
•    රුධිර කාන්දුකරණ ඒකකය
•    මැමොග්‍රම් පරීක්ෂණ
•    එන්ඩොස්කොපි පරීක්ෂණ
•    ප්‍රසූතිකාගාරය
•    නොමේරූ ළදරු ඒකකය

කොළඹින් පිටත සිටින රෝගීන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට අපි කැපවී සිටිනවා. එ වෙනුවෙන් අප තැබූ පළමු පියවර මීගමුව නවලෝක රෝහලයි” මේ අකාරයෙන් නවලෝක රෝහල ඉදිරි දිනවලදී තමන්ගේ පියාපත් තවත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරණු ඇති” නාලක මහතා අවසාන වශයෙන් පැවසීය” මේ වෑයම සාර්ථක කරගැනීම සඳහා අදාළ ප්‍රදේශවල සිටින විශිෂ්ඨම වෛද්‍යසේවයේ  නියිතු පුද්ගලයින් අප සතුකරගැනීමට අපි කටයුතු කරනවා” [divider]

තොරතුරු සඳහා පිවිසෙන්න – https://www.facebook.com/nhnegombo