නවලෝක රෝහල මීගමුවේ අසුචි කළමණාකරණයට උදව් කරයිද ?

0
134

negambo nawaloka hospitleදැනට වසර ගණනාවක් තිස්සේ මීගමුව නගරයේම අසුචි මුදා හැරුනේ දියහොද ඇල හරහා මීගමුව කලපුව වෙතය.ඒ නගර සභාවට අයත් මළ අපවහන පද්ධතිය අක්‍රිය පැවැතිම නිසාය.
එහෙත් නගර සභා අයවැයකදි මේ ප්‍රශ්ණය ප්‍රධාන ප්‍රශ්ණයක් සේ සලකා ඊට විසදුම් දෙන්නට කිසිවෙකුටවත් කිසිවිටකත් උවමනාවක් තිබුනේ නැත.එපමණක් නොව පළාත් සභාව විසින් වෙරළ උද්‍යානයේ රු කෝටි ගණනින් වැය කර පිහිනුම් තටාක ඉදිකරද්දිවත් මළ අපවහන පද්ධතිය සක්‍රිය කිරිම ගැන කිසිදු වගක් තිබුනේ නැත.
පසුගිය කාලය තුල මේ  අක්‍රිය මළඅපවහන පද්ධතිය අසල දිවි ගෙවන ජනයා මාධ්‍ය ඔස්සේ රටටම තමන්ට ඇති අපහසුව  ගැන කියද්දි නගරසභාවේ බලධාරින් කියා සිටියේ දෙමසක් ඇතුලත මෙය විසදාලන බවය.
මෙසේ පොරොන්දු දි දැන් මාස ගණනාවක් ගොස් තිබුනද තවමත් විසදුමක් නැත.
බලධාරින්ගේ සැලසුම වි තිබුනේ නවලෝක රෝහල ලවා මේ මළඅපවහන පද්ධතිය නැවත සක්‍රිය කර ගැනිමටය.
නවලෝක රෝහලේ ශාඛාවක් පසුගිය දිනක මීගමුවේදි විවෘත විය.