නවලෝක රෝහල සහ නගර සභාවේ ”අසුචී” ගණුදෙනුවෙන් කාටද වාසි ?

0
69

මීගමුව නගරයේ අසුචි බැහැර කිරිම වෙනුවෙන් සෞඛ්‍යආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැති බව අප මිට පෙර අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කර ඇත්තෙමු.
මේ සම්බන්ධයෙන් මීගමුව මහනගර සභාව වෙත තිබුන එකම විසදුම වුයේ නවලෝක රෝහලේ අසුචි ඇතුළු සිය අපද්‍රව්‍ය බැහැර කිරිම සදහා කුරණ මළඅපවහන පද්ධතිය වෙත මුදාහැරිමට ලැබෙන අවසර වෙනුවෙන් ඔවුන් විසින් ඒ පද්ධතිය නැවත පිළිසකර කිරිම සදහා වු එකඟතාවයයි.
දැනට වාර්ථා වන අන්දමට නවලෝක රෝහලේ සියළු අපද්‍රව්‍ය වසර 10 ක කාල සිමාවකට කුරණ මළඅපවහන පද්ධතිය වෙත මුදා හැරේ.
ඒ වෙනුවෙන් දිනපතා ගලිබවුසර මගින් හත් අට වතාවකට මේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුතුවේ.කෙසේ වෙතත් මේ ගණුදෙනුව නගර සභාවට අවාසිදායක එකක් වන බවට නගර සභාවේ නම සදහන් නොකළ ඉහල නිළධාරියෙකු මිපුරට පවසා සිටියේය.
කෙසේ වෙතත් ඉන් වාසි ලබන පිරිසක් නම් සිටින බවද කියන්නට ඔහු අමතක නොකළේය.2