නව ජාතික හැඳුනුම්පත හෙට සිට

0
71

වසර 45 කට පසුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව ජාතික හැඳූුනුම්පතක් හඳුන්වා දෙයි.  එය හෙට සිට එළිදක්වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.  මෙය සුහුරු කාඩ්පත ලෙස හැඳින්වේ.  පුද්ගලයාගේ ජීව දත්ත ද මීට ඇතුලත්ය.  හෙට සිට අලුතින් හැඳුනුම්පත් ඉල්ලුම් කරන සියලු අයට සුහුරු ජාතික හැඳුනුම්පත නිකුත් කරන බව ඔහු ජාතික ගුවන් විදුලියට පැවසීය.  දැනට පවතින ජාතික හැඳුනුම්පත හොඳ තත්ත්වයේ ඇත්නම් ඒ අය නව හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය නොවන බවද ගුණතිලක මහතා කීවේය.  නව සුහුරු හැඳුනුම්පත නිකුත් කිරීමේ උත්සවය හෙට ඇමති එස් බී නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ
www.slbc.lk

Save