නව නගරාධිපතිත් හොරු සමග හෙළුවෙන්…..

0
74

මේ මතෘකාව මීට හරියට වසර දෙකකට ඉහතදි අප ප්‍රකාශයට පත් කලේ හර්මන් කුරේරා නම් හිටපු නගරාධිපතිවරයා සම්බන්ධ කරගනිමිනි.ඒ 2009 වසරේදිය. එවරත් මීගමුව නත්තල් පොල බදු කටයුත්ත භාරගෙන තිබුනේ මීගමුව නගර සභාව විසිනි.

එහෙත් ඇත්තට සිදු ව තිබුනේ  ප්‍ර දේශයේ එක්තරා දේශපාලකයෙක්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් මේ බිම්කඩවල් නගර සභාවේ ඇස්තමේන්තුගත මුදලට අනුව ලබාගෙන පසුව එය වැඩි මුදලකට පිටස්තර වෙළදුන් හට අලෙවි කර තිබිමය.

දැන් 2011 වසරේදිත් සිදුවෙමින් ඇත්තේ එවැන්නකි.මේ රහසිගත මගඩිය මෙදා හෙළිවන්නේ මීගමුව මහජන බැංකුව අසල පදික වේදිකාවද අවහිර වන සේ කඩ අටවාගෙන සිටි වෙළදුන් පිරිසක් මීගමුවේ පරිසර පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගැනිමත් සමගය.මෙසේ වෙළදුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත්කර තිබුන අතර ඔවුන්ගෙන් එක් අයෙක්ට රු 1500 බැගින් මුදල් ඇපද රු ලක්ෂ 2 කක ශරිරි ඇප මත මුදාහැර තිබේ .මෙසේ අත්අඩංගුවට පත් වෙළදුන් පවසා තිබුනේ ඔවුන් නගර සභාව විසින් නියමිත මුදලට තක්සේරු කර තිබුන කඩ මිලට ගෙන ඇත්තේ ඊටත් වඩා දෙගුණයක මුදලක් ගෙවමින් බවය.මෙම ජවාරමේ යෙදුන පුද්ගලයන් පිරිසකගේ නම් කිපයක්ද පවසා තිබුණි.ජයනාත් ,සුදු,උපුල් මේ අයගෙන් සමහරෙකි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මේ කඩ බදු දිම දැනට භාරව සිටින්නේ පරිස් මන්ත්‍රිතුමා විසිනි  දැනට මීගමුව නගරයේ මහදවල් සිදුවන මේ මහා මංකොල්ලය ගැන විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ මේ ගැන තමන් කිසිවක් නොදන්නා බවය. එමෙන්ම අප ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ පසුගිය වසර දෙකෙදිම මේ පොලෙන් අපේක්ෂිත අදායම ලබාගැනිමට නොහැකි වු බව තමන් පිළිගන්නා බවය.එහෙත් මෙවර එසේ නොවන්නේ යැයි තමන් විශ්වාස කරන්නේයැයිද පවසා සිටියේය.