නව පුරපති මීගමුවේ වෙන දේවල් දන්නේ නැතිලු…

0
106

මීගමුව නැවතත් මාධ්‍ය වලට මතෘකාවක් සපාය දි ඇත.2011 දෙසැම්බර් 21 දින නෙත් එප්.එම් ගුවන් විදුලිය අද විශේෂ පුවතක් රටට හෙළිදරව් කර සිටියේය.

එහි ප්‍රධාන කරුණ වි තිබුනේ  මීගමුව මහ නගර සභාව විසින් බදු  දි ඇති දෑ නැවත බදු දිම පිළිබදවයි.මෙයට අනුව මීගමුවේ බස් නැවතුමේ තොරතුරු විකාශන කිරිමේ වගකිම බදු ගෙන තිබුනේ මීගමුවේ ප්‍රාදේශීය ගුවන් විදුලියක් වන සෙත් එම් නාලිකාව විසිනි.මේ වෙනුවෙන් ඔවුන් විසින් මසකට රු 30,000 ක් ගෙවන බවට බදු ගිවිසුමක් ද නගර සභාව සමග අත්සන් කර ඇත.

අද දින  නේත් එම් නාලිකාව රටට හෙළි කර සිටියේ සෙත් එම් ආයතනයේ ප්‍රධානියෙක් විසින් එක්තරා පිරිසකට බස් නැවතුමේ තොරුතුරැ විකාශන කාලයෙන් පැය  2කක්  රුපියල් 15000 කට නැවත බදු දි ඇත.

පලාත් පාලන ආයතනවලට සම්බන්ධ බදු නිතියට අනුව මේ කටයුත්ත සම්පුර්ණයෙන්ම නිති විරෝධි බව නෙත් එප් එම් ගුවන් විදුලියට සම්බන්ධ වෙමින් නගරාධිපති ඇන්ටනි ජයවීර පවසා තිබුණි.

මෙසේ නැවත බදු දිම යනු බදු ගිවිසුම පැහැදිලි ලෙසින් උල්ලංඝනය කිරිමක් බවත්.මේ නිති විරෝධි කටයුත්ත පෙන්වි දිම ගැන නෙත් එම් ගුවන් විදුලියට ස්තුති වන්න වන බවය.

දැන් අපට අහන්නට ඇත්තේ නගර සභාවෙන් බදුගෙන නැවත ඒවා වැඩි මිලට විකිණිම පිළිබදව මෙතුමන්  කිසිවක්  නොදන්නා බවද..??මීගමුව බස් නැවතුමේ සිදුවෙමින් තිබුන මේ ප්‍රතිවෙළදාම ඔබ දන්නේ නැද්ද.

නගරධිපති ඇන්ටනි ජයවිර මහතා ප්‍රති බදු දිම නිති විරෝධි බව මුළු රටට ප්‍රකාශ ඇත. දැන් ඔහු කළ යුතුව ඇත්තේ මේ නිති විරෝධි ක්‍රියා සිදු කරන්නන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්නට මුල පුරන ලෙසය.මේ අනුව මීගමුවේ රජපක්ෂ උද්‍යානය නැවත බදුදිමේ සිට සියලු කාරණා ගැන නිතිය ක්‍රියාත්මක කරන්නට පටන් ගන්න.