නව බස්රථ සේවාවක් මීගමුවෙන්, රෝගීන් වෙනුවෙන් මහරගම රෝහල වෙතම ප්‍රවාහන පහසුකම්.

0
515

පසුගිය දිනක මම බස් රථයක් පැමිණෙන තුරු බස්නැවතුම් පලේ සිටින විට දුටු දැන්වීම් පුවරුවක් ගැන මේ සටහන තබන්න සිතුනා.මොකද මේ දැන්වීමේ තිබුණ දේවල් ගැන මං මීට කලින් දැනගෙන හිටියෙත් තැනි නිසා මං වගේ ගොඩ දෙනෙක්ට මේක හොද විස්තරක් වෙයි කියල හිතුණා.

මේ දැන්වීමේ තිබුණ ආකාරයටම දිනපතාම මීගමුවෙන් බස් රථයක් මහරගම වෙත ගමන් කරනවා. එම බස් රථය ගමන් කරන්නේ කඩුවෙල අධිවේගී මාර්ගය හරහා.ඒ වගේම දැන්වීමේ හැටියට අසාධ්‍ය රෝගීන්ට මහරගම රෝහල දක්වාම ප්‍රවාහන පහසුකමුත් ඒ බස් රථවලින් ලබා දෙනවා.

ඒ බස් රථය මීගමුවෙන් පිටත් වෙන්නේ මේ වෙලාවල් වලට.
පෙ.ව.5.25 , පෙ.ව.6.25 , පෙ.ව.10.15  , ප.ව.1.45 , ප.ව.3.30

ඒ වාගමෙ ඒ බස් රථය මහරගමින් පිටත් වෙනවා
ලෙ.ව.7.45 , පෙ.ව. 10.45 , ප.ව.3.45 , ප.ව. 4.45, ප.ව.6.45

ඒවාගේම මීගමුව –  අළුත්ගම නවතම බස්රථ සේවාවකුත් කඩුවෙල අධිවේගී මාර්ගය හරහා ක්‍රියාත්මකවන බවත් එහි සදහන් වෙනවා.

image-0-02-06-fec985e2a6264aa3e2d8f264e1888684b807c6e73925ac0907d4085aa2e5c0db-V