මෙම වසරේ පළමු දින 3 තුළ වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ පසුගිය වසරේ අවසන් දින 5 තුළ ද රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති බවයි.
රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය අනතුරුවලට හේතුවී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.