නව වසරේ දින 3 ක් තුල වාහන අනතුරු වලින් 44 ක් මිය යයි !

0
128
මෙම වසරේ පළමු දින 3 තුළ වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ පසුගිය වසරේ අවසන් දින 5 තුළ ද රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති බවයි.

රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය අනතුරුවලට හේතුවී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.