නහයක් නැති පාරිහෝගිකයන්ගේ මාර්කට් එක.???

0
58

මීගමුව නගර මධ්‍යයේ පිහිටි — ප්‍රනාන්දු ඇවනි්‍යු නම් ජනාකීර්ණ මාර්ගයට මුහුණලා පිහිටි බන්දුල මාර්කට් ලෙස කවුරුත් හදුනන දිනපතා වෙළද පොලේ අප ජලය සහ වැසි ජලය ගලා යෑමට සකස් කර ඇති ප්‍රධාන කානුව අවහිර වී ඇති අන්දම මෙම ඡයාරූප වලින් දිස්වේ.
මෙලෙස මෙම කානුව අවහිර වීම නිසා එම වෙළද පොලේ දෛනිකව එකතු වන අප ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් එම ජලය එක තැන කාලයක් පල්වීම නිසා එම වෙළද පොල අවටත් දැඩි දුර්ඝන්ධයක් පවතී.
එම දුර්ඝන්ධය උහුලා ගැනීමට නොහැකිව වෙළදපොලට සහ ඒ අවට විත‍ශ්ෂයෙන්ම ප්‍රනාන්දු ඇවනි්‍යු  මාර්ගයේ පිහිටි අලෙවි සැල් සහ වෙනත් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිනෙන පාරිභෝගීක ජනතාව දැඩි අපහසුතාවයකට පත් වනු දැකිය හැකිය. එලෙසම ඒ අසලම බස් නැවතුමක්ද (කරවල කඩේ අසල) ඇති අතර  පරණ හලාවත පාර ඔස්සේ කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය හරහා කොච්චිකඩේ අන්තයට ධාවනය වන බස් රථ බලාපොරොත්තුවෙන් එම බස් නැවතුමේ රැදි සිටින මගී ජනතාවටද මෙම ස්ථානයේ පවතින දැඩි දුර්ඝන්ධය නිසා මහත් අපහසුතාවයට පත් වනු දැකිය හැකිය.
මෙහිදී කිසිත් කර කියා ගත නොහැකි තත්වයට පත්ව ඇත්තේ මෙම කානුව අසාන්නව ව්‍යාපාරික කටයුතු කරන වෙළද සැල් වල ව්‍යාපාරිකයන්ය. ඇතැමුන් චෝදනා කරන්නේ මෙම කානුව මාස ගනනාවකින් නිසි ලෙස පවිත්‍ර කර එහි හිරවී ඇති සුන් බුන් ඉවත් කර නොමැති බවයි. මෙම කානුවෙන් නිසි ලෙස ජලය බැස නොයාම හේතු වෙන් මැසි මදුරුවන් වැනි කුඩා සතුන්ද බොවී ඇති අන්දම දැකිය හැකිය. මේ තත්වය මෙම ස්ථානයට යනෙන සැමගේ  සහ විශේෂයෙන්ම මෙම ස්ථානය ආසන්නයේ ව්‍යාපාරික කටයුතු කරන සැමගේ යහපත් සෞඛ්‍යයට එල්ල කෙරෙන මරු පහරකි.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් ට සහ විශේෂයෙන්ම නගර සභාවේ සෞඛ්‍ය අංශ බලධාරීන් ට සහ නිලධාරීන් ට මෙම කානුවේ සෑබෑ තත්වය පිලිබදව වාර්තා නොවන්නේ ඔවුන් ට ඇස් , කන් සහ නාස් නැති උදවිය නිසාදැයි ඒ අවට ව්‍යාපාරිකයින් ප්‍රශ්න කරුයි.