නාගරික කොමසාරිස්ගේ ගැටේට අහුවුණ ,පළාත් පාලන කොමසාරිස්තුමිය මීගමුවේදි රතුඉර පනියි !

0
88

CLG
(3.10 pm)පළාත් පාලන කොමසාරිස්වරිය පසුගිය දිනක මිගමුවට පැමිණ කර ඇති පාක්ෂික ප්‍රකාශයක් සම්න්ධයෙන් දැන් කථා බහක් මීගමුවේ දේශපාලන ක්‍රියාකාරින් අතර මෙන්ම රාජ්‍ය අංශයේ සේවකයන් අතරද පවති .
මෙයට නිමිත්ත වි තිබුනේ ඇය විසින් මීගමුවට පැමිණ කර තිබුණ එක්තරා ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
මීගමුවේ ඩෙංගු මර්ධනය කිරිම සදහා නිමල් ලංසා විසින් සිදුකළා යැයි කියන දායකත්වය ගැන අැය මෙහිදි පවසා තිබුණි.
මේ ප්‍රකාශයේ ඇති පාක්ෂික භාවය පිළිබදව අප පළාත් පාලන කොමසාරිස්වරියගෙන් අද විමසිමක් කළෙමු.
මැතිවරණ සමයක නිමල් ලංසාගේ නම පමණක් සදහන් කිරිම මගින් ඇය පාක්ෂිකභාවයක් පෙන්නුම් කර ඇතැයි යන චෝදනාවක් දැන් මතුව ඇතැයි අප ඇයට දන්වා සිටියෙමු.
,වැඩිදුරටත් අප ඇය වෙත කරුණ පැහැදිලි කරමින් දන්වා සිටියේ මීගමුව තුල මතුව ආ ඩෙංගු වසංගත තත්වය හමුවේ මීගමුව සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් වන රොයිස් විජිත සහ ලලිත් ටෙන්සිල් ඒ වන විටත් ඩෙංගු පාලනය සදහා වැඩපිළිවෙලක් දියත් කර තිබියදි ඒ කිසිවෙකුගේ නම සදහන් නොකරමින් නිමල් ලංසා ගැන කිම මැතිවරණ සමයකදි බරපතල වරදක් අප ඇයට තවදුරටත් අවධාරණය කර සිටියෙමු.
අපගේ මේ චෝදනාවට පිළිතුරු දෙමින් පළාත් පාලන කොමසාරිස්වරිය  කියා සිටියේ මීගමුවේ නාගරික කොමසාරිස්වරයා තමන් හට නිමල් ලංසා ගැන  කියු නිසා ඇය එසේ පවසා සිටි බවය.
ඇය විසින් නිමල් ලංසාව පමණක් අගේ කළ බව කියැවෙන තවත් සාක්ෂි තිබේ.ඇතැම් වෙබ් අඩවි විසින්ද මෙයට ප්‍රචාරයක්ද ලබාදි තිබුණි
අප කළ විමසුමකට පිළිතුරු දුන් ඇය කියා සිටියේ ඇය එවන් ප්‍රකාශයක් නොකර සිටිය යුතු යැයි පසුව හැගුන බවය.
කෙසේ වෙතත් මෙවන් ආචාරධර්ම විරෝධි ක්‍රියාවකට ඇයව පොළඹවා තිබුනේ මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර විසිනි.