නාගරික කොමසාරිස්ට රාත්‍රි සාදයක් ? රියදුරුට O.T ගෙවන්නේ කව්ද ?

0
41

cabඡායා- අන්තර්ජාලයෙනි

මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා මේ සටහන තැබෙන(2017/01/22 රාත්‍රි 9.15 ) අවස්ථාවේදි සිටින්නේ තෝප්පුව ප්‍රදේශයේ සැපිඩ්මා  උත්සව ශාලාවේ සාදයකය.
එහි ගොස් ඇත්තේ නගරාධිපතිවරයාගේ කැබ් රථයෙනි.
මේ මංගල සාදය රාජපක්ෂ උද්‍යානයේ සේවකයෙකුගේ බවද දැනගන්නට ඇත.
සුගත් කුමාර මහතාණෙනි
දැන් ඉතින් මේ රියදුරාට අතිකාල ගෙවන්නේ ඔබතුමාගේ සාක්කුවෙන්ද ? ( ඉරිදා දිනයන්හිදි O.T ඩබල් ගෙවිය යුතුය තිබේ.)
නැතිනම් මහජනයාගේ බදු මුදලින්ද ?
(අපගේ අභ්‍යන්තර තොරතුරු ආරංචි දක්වා සිටින අන්දමට අදාල රියදුරා කොමසාරිස්වරයාව මේ සාදය පැවැත්වෙන ස්ථානයට ඇරලවා යළිත් රාත්‍රි  10.30ට  පැමිණ නිවසට රැගෙන යාමට නියමිත බවය.)
මේ පිළිබදව දුරකථනයෙන් පිළිතුරු දිමට බැහැයි කියන ඔබතුමා මේ සදහා අපට ලිඛිතව පිළිතුරු සපයනු ඇතැයි බලාපොරොත්තුවෙමු.
(2017/01/20 වන දින මීගමුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක වැලිවිට මහතා ඉදිරියේදි අපට එකඟ වු පරිද්දෙන්)