නාගරික නිවාස සංකිර්ණයක් සදහා ඉඩමක් ලබාදෙන්නැයි කාර්දිනල් හිමිට රොයිස්ගෙන් ඉල්ලිමක් !

0
75

FB_IMG_1519838268942(8.00 am) මීගමුවේ පවතින නිවාස ප්‍රශ්ණයට විසදුමක් ලෙසින්  සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවෙල යටතේ මහල් නිවාස සංකිර්ණයක් සදහා ඉඩමක් ලබාදිමට හැකිනම් එය මහගු  යහපතක් බව කාර්දිනල් හිමි වෙත දන්වා සිටියේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත විසිනි.
මෙයට යහපත් ලෙසින් ප්‍රතිචාර දක්වමින් පල්ලියට අයත් තලාහේන පේරුවේ ඇති ඉඩමක් ගැන කාර්දිනල් හිමි විසින් පිළිතුරු ලෙසින් පවසා තිබුණි.
මේ සංවාදය සිදුව තිබුනේ පසුගිය දිනක කාර්දිනල් හිමි සහ මීගමුවේ කොට්ටාශ 29 න් කොට්ටාශ 19 ක්ම ජය ගනිමින් තුනෙන් දෙකක වාර්ථා ගත ජයක් ලැබු එජාප අපේක්ෂකයන් හා කාර්දිනල් හිමි අතර පැවැති විශේෂ හමුවකදිය.
මේ සමබන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රොයිස් විජිත කියා සිටියේ මීගමුවේ නිවාස ප්‍රශ්ණය විසදිමේදි මහල් නිවාස ඉදිකිරිම ප්‍රධාන අවශ්‍යතාවක් බවයි.