නාගරික මන්ත්‍රිවරයෙක් ට්‍රිප් එකක් යන්න ගිලන් රථය ඉල්ලයි.

0
67

මීගමුව නාගරික මන්ත්‍රිවරුන්ගේ සවාරි නිසා කුළිරථ වාහන බිළ වැඩිවෙමින් ඇතැයි අප පසුගිය දිනක  හෙළිකළෙමු.
අප දැන් හෙළිකරන්නට යන්නේ ඉහත පුවත හා බැදුනු තවත් අපුරු කථාවකි.
මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සදහා යොදාගැනෙන  වාහනයක් ඇත. එහි ඉදිරිපස රතු කුරුසයක්ද අලවා ඇත.නගර සභාවේ කව්රුත් විහිළුවට මෙන් මෙය හදුන්වන්ට පටන්ගෙන ඇත්ෙත් ඇම්බියුලන්ස් එක කියාය.
නගර සභා වාහන හිඟයක් ඇතිව තිබුන මොහොතක ආණ්ඩු පක්ෂයේ එක් නාගරික මන්ත්‍රිවරයෙක්ට අනුරාධපුර සවාරියක් යෑම සදහා මේ ඇම්බියුලන්ස් රථය හෝ ගෙන යන්නට සෑහෙන උත්සාහක් දරා ඇතැයි සැලය.
ඇක්සයිස් පොත් මන්ත්‍රි යනුවෙන් නගර සභාවේ ප්‍රචලිත මේ මන්ත්‍රිවරයා සිංහල බෞද්ධයා වෙනුෙවන් නගර සභාවේ වැඩියෙන්ම හයියෙන් කථා කරන්නා ලෙසින්ද ප්‍රසිද්ධය.
අටමස්ථාන වැදපුදා ගැනිමට ගිලන් රථයකින්ම පැමිණෙන බවට බාරයක් තිබුනේ දැයි දන්නේ ඔහුම පමණිabbulence