නාගරික මන්ත්‍රිවරයෙක් නිතිවිරෝධි ගණුදෙනුවක.???

0
71

මීගමුව නගර සභාවේ නිලධාරින් මෙන්ම බහුතරයක් මන්ත්‍රින්ටද පොදුවේ එල්ලව වන එක් චෝදනාවක් තිබේ.එනම්  පළමුව බිස්නස් දෙවනුවත් බිස්නස් තෙවනුව මහජන සේවය යනුවෙනි.

මේ ගණුදෙණුවලදි මන්ත්‍රිවරු අතර කිසියම් ශ්‍රම විභජනයක් ඇති බව පෙනෙන්නේ ‍වෙළදාම හා බැදුනු බිස්නස් වැඩ නිරන්තරයෙන්ම පැවරෙන්නේ ඒ විෂයෙහි වඩාත් නිපුණතා පෙන්වා ඇති  මුස්ලිම් මන්ත්‍රිවරයෙක් වෙතය.

පසුගිය නත්නල් සමයේ වෙළදාම සදහා තාවකාලික කඩ බදුදිම කරන ලද්දේද මේ මන්ත්‍රිගේ අධික්ෂණය යටතේය.මෙවර ඔහු අත ගසා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මාස 6 ක යට බද්දට ගැණුන ඉඩම වෙළෙන්දන් අතර වෙළදාම සදහා ලබා දිමටය.

මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී මීගමුවේ ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරයෙකු සදහන් කලේ නගර සභාවට භූමියක් බද්දට ගැනීමේදී ඒ සදහා මහා සභාවේ අනුමැතිය ගත යුතු බවයි. එහෙත් මෙහිදී එලෙස මහා සභාවට නොදන්වා ඉඩමක් බදු ගැනීමම මෙන්ම ඒ ඉඩ නිසි අනුමැතියකින් තොරව විකිණිමද  නීති විරෝදී බව ඔහු පවසයි.

පෙරියමුල්ල මුස්ලිම් නගාරික මංතී‍්‍රවරයෙකු විසින් මෙම කඩ ලබා දෙන බවට පවසා වෙළෙදුන්ගෙන් රු9300 බැගින් මුදල් අයකර ගෙන ඇති අතර ඒ සදහා නගර සභාවෙන් ලබා දෙන රිසිට් පතක් නිකුත් කර නොමැති බවද පැවසේ . එම රු.9300 ක මුදලින් නගර සභාවට ගෙවා ඇත්තේ රු4000 ක මුදලකි. ඉතිරි රු5300 මුදල ලිපි ද්‍රව්‍ය සදහා අයකර ගත් බව එම කටයුත්ත මුල පිරූ පෙරියමුල්ල ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරයා එම වෙළදුන්ට පවසා ඇතැයි නගර සභාවේ වගකිය යුතු තනතුරක් දරන අයකු මීපුර ට පවසා සිටියේය.

. මෙහිදී රාජපක්ෂ පලල් පාරෙන් ඉවත් කල වෙළදුන් 25 දෙනෙකුට කඩ ලබා දීමට යනුවෙන් බදු ගැනීමට සිටි මෙම භූමියේ කඩ 43 ක් ඉදිකිරිම කොටු ගසා තිබූ අතර එම කඩ ලබා දීමට පැමිණි සිටි වෙළදුන් අතරේ රාජපක්ෂ පලල් පාරෙන් ඉවත් කල වෙළදුන් සිටියේ දෙතුන් දෙනෙකු පමණක් බවද තවදුරටත් පවසා සිටි.

එලෙසම අප වෙත කරුණු දැක්වූ ආන්ඩු පක්ෂ නාගරීක මංති‍්‍රවරයා පවසන්නේ මහා සභා අනුමැතියක් නොමැතිව දුමිරිය දෙපාර්තමේනුවට චෙක් පතක් යැවීමත් වෙළදුන්ගෙන් ගත් මුදල් නීති්‍යානුකූලව නොවන ලෙස මහා නගර සභා ගිනුමට බැර කිරිමේ කාර්්‍යයන්   ද නිතී විරෝදී බවයි.
මෙම භූමිය බදු ගිවිසුම් ප‍්‍රකාරව මීගමුව මහා නගර සභාවට ලබා නොදෙන බවට දුමිරිය සමාන්‍යාධිකාරිවරයා ෆැක්ස් මගින් නගරාධිපතිවරයාට දන්වන්නේ ජුලි මස 25 දිනය. එහෙත් ඊට දින දෙකකට පසු එනම් ජුලි මස 27 වැනි දින පැවැත්වෙන මීගමු මහා නගර සභා මුදල් කාරක සභා රැුස්විමේදී ජුලි මස 25 දින දුමිරිය සමාන්‍යාධිකාරිවරයා ෆැක්ස් මගින් යොමු කල ලිපිය ගැන කිසිදු සදහනක් නොකර එම ලිපිය යට ගසමින් , එම මුදල් කාරක සභා රැස්විමේදී , ඉවත් කල වෙළදුන්ට කඩ ලබා දීමට දුමිරිය දෙපාර්තමේන්තුවට අයත් භූමිය බදු වශයෙන් ලබා ගැණිමට මුදල් කාරක සභාවේ අවසරය ලබා ගෙන ඇත්තේ ඇයි ?

. කෙසේ වෙතත් නගර සභා ආරංචි මාර්ග සදහන් ආකාරයට මෙම කටයුතු සිදු විමේදී කිසිදු විනිවිද භාවයක් තිබී නැත. එලෙසම මාස 06 කට පමනක් එම භූමිය ලබා ගෙන කඩ ඉදිකර ගත් පසු එම වෙළදුන්ට එම කාලය ඉක්ම ගිය පසු සිදු වන්නේ කුමක්ද?