”නාගරික මන්ත්‍රීවරුන්ට කඩුවෙන් කොටපු, මාධ්‍යවේදීන්ට පහරදුන්න මැරයෝ තමයි අද නගරාධිපතිකමට ඉල්ලන්නේ ”

0
52
saka

”නාගරික මන්ත්‍රීවරුන්ට කඩුවෙන් කොටපු, මාධ්‍යවේදීන්ට පහරදුන්න  මැරයෝ තමයි අද නගරාධිපතිකමට ඉල්ලන්නේ ”පළාත් සභා මන්ත්‍රී එම්.එස්.එම් සකාවුල්ලා මහතා මෙම  ප්‍රකාශය සිදුකළේ අද පෝරුතොටදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් අමතමිනි.
එකම පුද්ගලයෙකු ස්වාධින අපේක්ෂකයන් හතර දෙනෙකු පත්කර ඇති බවත් එයට අමතරව පෙහොට්ටුවෙනුත්  අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති බවත් පැවසූ සකාවුල්ලා මහතා ජනතාවට පවසා සිටියේ මෙම ස්වාධීන අපේක්ෂකයන්  ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් දිනවීමට නොවන බවය. මෙය සිදුකර ඇත්තේ ශ්‍රීලනිපය වැනි ශක්තිමත් දේශපාලන  පක්ෂ වල කොදු නාරටිය බිදීම සදහා  බවත් සකාවුල්ලා මහතා මෙම රැස්විමේදි අවධාරණ කළේය..DSC_0049 newශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින්   මෙවර මීගමුවෙන් පළාත් පාලන මැතිවරණය වෙත ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් හා පෝරුතොට මැතිවරණ කාර්යාලය විවෘත කීරීමක් අද සවස  සිදුකෙරිණි.මෙම අවස්ථාවට  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් වනිගරත්න, ශ්‍රීලනිප මීගමුව සම සංවිධායක ලලිත් ටෙන්සිල්, සම සංවිධායක ,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ මීගමුව ශ්‍රිලනිප සම සංවිධායක එම්.එස්.එම් සකාවුල්ලා යන මහත්වරුන් හා ඉදිරිපත්වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් සහභාගී වී සිටියහ.