නාගරික මන්තී‍්‍රට DIG ගෙන් මරණ තර්ජන?? නගරාධිපති නිහඩ යි?????

0
38

 මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ අර්බුදය පත්ව ඇති තත්වය පිළිඹිමු වන තවත් සිදුවිමක් පසුගිය ජුලි 27 වනදා වාර්තා විය.

මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි ඇන්ටනී විනිසියස් මහතා සරත් පිළ නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රිවරයෙකි. මීගමුව කාමච්චොඩේ ප්‍රදේශය නියොජනය කරන ඔහු පසුගිය දිනක කාමච්චෝඩේ පිහිටා ඇති ඉරිදා සහ බදාදා පොළ සම්බන්ධ ව පොළ බදු ගෙන ඇති අය විසින් මීගමුව මහ නගර සභාවේ අනුමත මුදලට වඩා වැඩිපුර මුදල් අය කිරීම හා ලබාගන්නා මුදල් වලට වෙළෙදුන්ට බිල් පත් නිකුත් නො කීරීම සම්බන්ධ ව සොයා බැලීමට  මැදිහත් වී තිබේ.

මෙයට විරුද්ධ වී ඇති පොළ බදුකරුවන් ඉහත මන්තී‍්‍රවරයාට විරුද්ධ ව මීගමුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මෙම මන්තී‍්‍රවරයා වෙළෙදුන්ගෙන් කප්පම් ගන්නවායැයි පවසමිනි. පසුව මේ පිළිබදව පරීක්ශණයක් මිගමුව පොලිස් ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් පවත්වා තිබේ. ඉන් පසුව මේ පිළිබදව වැඩි දුර විමර්ශණයක් පසුගිය ජුලි 27 වන දින නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ දී පවත්වා තිබේ. මේ අවස්ථාවට මීගමුව නගරාධිපති, නාගරික කොමසාරිස්, නාගරික ලේකම්, නාගරික ගණකාධිකාරී, නාගරික නීති නිලධාරි සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක සහ තවත් පොලිස් නිළධාරීන් පිරිසක්ද සහභාගි වි ඇත.

එහි දි නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාල මන්තී‍්‍රවරයාට පවසා ඇත්තේ පොළේ ප‍්‍රශ්නයට මින් ඉදිරියට මැදිහත් නොවන ලෙසයි. එවිට මෙම මන්තී‍්‍රවරයා පවසා ඇත්තේ ඔහු එ පලාතේ මන්තී‍්‍රවරයෙකු බවත්, ඔහුගේ නිවසා පිහිටා තිබෙන්නේ ද පොල පිහිටා ඇති ප‍්‍රදේශයේ බවත් එ නිසා මේ පිළිබදව මැදිහත්වීමට ඔහුට සිදු වන බව යි.

එවිට නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලූම නිලධාරීන් ඉදිරියේ මෙම මන්තී‍්‍රවරයාට ඉතා තර්ජනාතමකව බැන වැදී ‘‘පාතාල පාට් දාන්න එන්න එපා. දන්නවනේ පසුගිය කාලේ පාතාලයන්ට වෙච්ච දේ, වැඩිය දඟලන්න ලෑස්ති වෙනන එපා. වැඩිය දඟලන්න ආවොත් ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා’’ යැයි පවසා ‘‘මූට දෙකක් තුනක් ඇනල ඇයි කූඩුවට දැම්මෙ නැත්තෙ’’ යැයි එතැන සිටි ජේයෂ්ඨ පොලිස් නිලධාරින්ගෙන් විමසා තිබේ.

පොල සහ ප්‍රදේශයේ  වෙනත් සංවර්ධන වැඩකටයුතු සම්බන්ධයෙන් බරපතල මත ගැටුමක් නගරාධිපති ඇන්ටනි ජයවිර සහ ඇන්ටනි විනිසියස් මන්ත්‍රිවරයා අතර ඇතිව තිබුන බවද වාර්ථාවේ.කෙසේ වෙතත් ජනතා නියෝජිතයෙක් හට මරණිය තර්ජනය එල්ල කරමින් සිදුකර ඇති මේ අනිතික ක්‍රියාවට එරෙහිව දැනටමත් ආදල මන්ත්‍රිවරයා විසින් සිය අයිතිවාසිකම් වෙනුවෙන් අදාල බලධාරින් වෙත  පැමිණිලි කර ඇතැයි වාර්ථාවේ.

.තම කණ්ඩායමේ මන්ත්‍රිවරයෙක්ට එරෙහිව මරණ තර්ජනය කරන්නට තරම් පොලිස් නිළධාරියෙක් කටයුතු ගැන මීගමුව නගරාධිපතිවරයා කටයුතු කරන්නේ කෙසේදැයි  මේ සිදුවිම ගැන දන්නා සියල්ලෝම බලා සිටින බව අප අමතා කථා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් පවසා සිටියේය.