නාගරික ලේකම්ට බැනවැදුන දේශපාලකයන්ට එරෙහිව පරිපාලන නිළධාරීන් පෙලගැසෙති! කාරක සභා වර්ජනයටත් තීන්දුවක් !

0
68

MC sec and dayanපසුගිය දිනක දේශපාලන අධිකාරිය විසින් මිගමුව සහනගර සභාවේ ලේකම්වරියට කුණුහරුප කියමින් බැන වැදිම හේතුකොට මේ වන පරිපාලන ක්⁣⁣ෂේත්‍රය තුල අර්බුදයක් නිර්මාණය වි තිබේ.එය මතුව ඇත්තේ ලේකම්වරිය මින් පසු කිසිදු කාරක සභා රැස්විමකට නොපැමිණිමට තීන්දුවක් ගැනීමත් සමගින්ය.මේ හේතුව මත අද සවස කොමසාරිස්වරියගේ මූලිකත්වයෙන් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන නිළධාරීන්ගේ විශේෂ රැස්විමක් පැවැත්වි තිබුන අතර එහිදි තීන්දුව බවට වාර්තා වන්නේ ලේකම්වරියගේ ස්ථාවරයට සහය පළකරමින් මින් ඉදිරියට කාරක සභා රැස්වීම්වලට නොපැමිණිමට අනෙකුත් ප්‍රධාන පෙළේ පරිපාලන නිලධාරින්ද තීන්දුකර ඇති බවකි.දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිව සිටියදි මෙම ලේකම්වරියම කුණුහරුප කියා බැනවැදිම නිසා රුධිර පීඩනය වැඩිවි රෝහල්ගත කරන තත්වයක්ද මතුව තිබුණි.කෙසේ කලක පටන් පරිපාලන අධිකාරියට මෙ අකාරයෙන් බැනැවදිම් චණ්ඩිපාට් දැමිම් ගැන ඉවසා සිට සැම දැන් ලේකම්වරියගේ නිර්භීත තීන්දුවට සහය පළකරමින් පෙළ ගැසිම 10වෙනි ශ්‍රේණියවත් සමත් නැත උද්දච්ච දේශපාලන නඩයට එල්ල කල මරුම පහරකි.