මීගමුව බස්නාහිර පළාතේ වේගයෙන්ම සංවර්ධන කරා යන ප්‍රධාන වානිජ නගරයයි.ඒ නිසාම මීගමුවේ සංවර්ධනය සදහා විධිමත් සංවර්ධන සැලැස්මක් අත්‍යවශ්‍යය.
එහෙත් ගෙවනු දශකයකට වඩා වැඩි කාලයක් මීගමුව පාලනය වුයේ කිසිදු සැලැස්මකට අනුව නොවේ.එක දේශපාලන පවුලක උවමනාවටය.
නගර සංවර්ධනය යනු විටක් පවුලේ පියාගේ ආශාවය.
නගර සභාව විසින් පාලනය කළ යුතු මාළු වෙළද සංකිර්ණ. උද්‍යාන පියාගේ සහ ඔහුගේ හිතවතුන්ගේ බුදලයකි.
නගරයේ ක්‍රිඩා පිටි යනු පවුලේ බාල සහෝදරයාගේ හිතවතුන්ගේ බුදලයකි.
දේස් විදේස් ආධාර මත සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘති යනු පවුලේ අදායම් වැඩිකිරිම සදහා වන තවත් නිමිත්තකි.
ගුවන්තොටුපලත් සංවාරක කර්මනාතයක් එකසේ වැදගත් වන පසුබිම මීගමුවේ නගරය කොයිතරම් නම් සෞඛ්‍ය සම්පන්න විය යුතුද?
එහෙත් මේ කිසිත් තේරුම් නොගත් දේශපාලන අධිකාරිය මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුව භාර දුන්නේ අවම තරමින් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති අයෙකුටය.
මෙවන් තත්වයක් සිදුවන්නේ මීගමුව මහනගර සභාව තුල වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වු නාගරික මන්ත්‍රිවරයෙකුද සිටියදිය.
වැල්ලවිදිය නියෝජනය කරනු ලබන වෛද්‍ය හෙන්රි රොසයිරෝ සිටියදි අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති නිමල් ලංසාගේ සොහොයුරා වන දායාන් ලංසාට මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභාපති කම ලබා දි තිබුණි.
මේවැනි විනාශකාරි මජර තත්වයක් දශකයකටත් වැඩි කාලයක් ක්‍රියාත්මක වු විට නගරයකට සිදුවිය හැක්කේ කුමන තත්වයක්ද?.
මෙහි ප්‍රථිපලය වුයේ කුමක්ද ?
1.මීගමුවේ ඉතිහාසයේ පළමු වතාවට ඩෙංගු අධිවසංගත තත්වයක් ඇති නගරයක් බවට පත්විම. මෙහි ප්‍රථිපලයක් ලෙස තෙමසක් තුල ඩෙංගු රෝගින් 20 දෙනෙකුට සිය ජිවිත වලින්ම වන්දි ගෙවන්නට සිදුවිය.සෞඛ්‍ය අංශයේ එහෙම පිටින්ම අමන විදියට දේශපාලනිකරණය වු ඒකකයකි.
එහි සිටින කම්කරුවන් කළේ දේශපාලකයන්ගේ ආවතේව කම්ය.මේ නිසාම ඩෙංගු පාලනය කිරිමට තුඩු නිසි සැලැස්මක් මත වැඩකිරිමට පිලිවෙලක් එහි තිබුනේ නැත.ඇතැම් කම්රුවන් නගර සභාවේ අත්සන් කොට මුළු කාලය තුලම ත්‍රිවිල් එලවන්නට නගරයට ගොස් තිබුණි.
මේ සියල්ලේ ම ප්‍රථිපලය වුයේ අසරණ ජිවිත 20ක් අපට අහිමිව යාමය.
2.මීගමුව වැනි වෙනත් ප්‍රධාන නගර වල ආපනශාලා ඒවායේ ගුණත්වය අනුව වර්ගීකරණයකට ලක් කර තිබුණද මීගමුවේ එසේ කළ යුතුව තිබුණද ඒ ගැන කිසිදිනක කිසිදු අවධානයක් යොමුකර තිබුනේ නැත.
3.නගරයේ මළඅපවහන පද්ධති එහෙම පිටින්ම බිද වැටි තිබුුණ අතර නගර සභාව විසින් කිසිදු හිරිකිතයකින් තොරව නගරයේ අසුචී දියහොද ඇලට මුදාහැරිමට කටයුතු කර තිබුණි.
4.කුණු කසල බැහැර කිරිම සදහා කිසිදු විධිමත් සැලැස්මක ක්‍රියාත්මක කර තිබුනේ නැත.
5.සෞඛ්‍ය අංශයේ කම්කරුවන් හැසිරුනේ මැරයන් ලෙසය ඇතමුන් නගර සභාවේ අත්සන් කොට ත්‍රිරෝද රථ සේවාවන් වල නියැලි තිබුණි.
මාධ්‍යවේදියෙකු මහනගර සභා භුමිය තුලදිම පහර දෙනු ලබන්නේ සෞඛ්‍ය කමිටු සභාපතිගේ ඉල්ලිම පිට සෞඛ්‍ය කම්කරුවෙකු විසින් වන අතර ඔහු ඒ වේලාවේ සිට ඇත්තේ සේවයට වාර්තා කර විමද විශේෂයෙන්ම සදහන් කළ යුතුය.
එපමණක් ද නොව නගරය ඩෙංගු අධිවසංගත තත්වයට පත්ව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මහත් වෙහෙසක් ගෙන කටයුතු කරද්දි මේ එක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට මැර තර්ජන වලට ලක්විමට සිදුවන්නේද සෞඛ්‍ය කමිටු සභාපතිගේ සමිප ආධාරකරුවකු අතිනි.
එපමණක්ද නොව සෞඛ්‍ය කමිටු සභාපති හැටියට ඔහුගේ හිතවතියකගේ නිවසක් පැලියගොඩ ප්‍රදේශයේ ගංවතුරෙන් යටව තිබුන සමයක නගර සභා වාහන කම්කරුවන් සහ සියළු උපකරණ බේත් වර්ග රැගෙන ඒ නිවස පිරිසිදු කිරිමට ගොස් තිබුනේ පළාත් පාලන නිතිය බල්ලට දමමිනි.
මේ නොහික්මුණු පාලනයේ ප්‍රථිපල ලෙසින් මීගමුව නගරයේ මුළු සෞඛ්‍ය පද්ධතියම බිදවැටුණි.