නාත්තන්ඩියේ වැලි ජාවාරම් පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රිලා..

0
216

නාත්තන්ඩිය තෝරවැටිය  නම් ප්‍රදේශයේ  මහා ප්‍රමාණයෙන් සිදුකරන වැලි කැපීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අද (17) ස්වාධින රූපවාහිනියේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති වලදී ප්‍රකාශය විය.
මෙම වැලි ගොඩදැමීම  විශාල  පොල් ඉඩමක් මැද්දේ සිදුකරන ආකාරය දර්ශනය විය.  තෝරවැටිය වත්ත පිහිටා ඇත්තේ නාත්තන්ඩිය කොටඅඹගහ පාරේන් ආරම්භ වන පොල්වතු යාය මැද හරියට පමණ වන්නටය. ප්‍රදේශයේ ජනතාව පවසන ආකාරයට මේ වනවිට වැලි හැරීම් මෙන්ම මැටි කැපිම්, පර්මිට් ඇතිව මෙන්ම පර්මිට් නැතිවද ජයටම සිදුවන බවයි.
මේ ආකාරයට හාරන වැලි   රජයේ සංවර්ධන ව්‍යාපෘති වලටද ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසින් පවසති.
නාත්තන්ඩියේ මෙන්ම ඉරණවිලත්,ඉරණවිල මෙන්ම දංකොටුවේත් මෙම වැලි හැරීම්,මැටි කැපීම් ජයටම දැන් සිදුවෙයි.  මේ සිදුවන නීතිවිරෝධී වැලි  හැරීම්   සම්බන්ධයෙන්  ජනතාව පවසන්නේ යහපාලන ආණ්ඩුවට සම්බන්ධ මේ ප්‍රෙද්ශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් මෙම නීතිවිරෝධී වැලි හෑරීම් වල ක්‍රීයාකාරිව සිටින බවයි.
නාත්තන්ඩියේ සිදුවන වැලි හැරිම් වලට නාත්තන්ඩියෙන් පාර්ලිමේන්තුවට ගිය තරුණ මන්ත්‍රීවරයෙකුගේ නම ගෑවී ඇත.
නාත්තන්ඩිය ප්‍රදේශයේ ජයටම සිදුකරන බූරු පොළවල් වලට මේ දේශපාලකයා සම්බන්ධ බව ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ රහසකි.
ඉරණවිල සිදුවන අතහැර දැමූ ඉස්සන් වගාකර ඇති භුමියක වැලි හෑරීමටද එක්සත් ජාතික පක්ෂයේ පුත්ලම් දිස්ත්‍රික් පා.මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සම්බන්ධ බවට රාවයක් පවතී.
එමෙන්ම යහපාලන රජය ආරම්භවීමත් සමගම  දංකොටුවේ මැටි කැපිම ජයටම පටන්ගත් අතර මේ සමහර නිතිවිරෝධී මැටිකැපිම් පිටුපස එජාප දංකොටුවට සම්බන්ධ එජාප පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙකු සහ  මෑතකදී වයඹ පළාත් සභාවට ගිය වෙන්නප්පුවේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ බවටත් ඔවුන්ගේ ආධාරකරුවන් මේවා සිදුකරන බවට  ප්‍රදේශයේ ජනතාව පවසන අතර මේවා පිළිබදව හෙළකිරීමට ඇති බිය නිසා ඔවුන් තොරතුරු පැවසිමට බියවෙති.sandmining

Save