නාත්තන්ඩිය ඉරිදා පොළේ කාණු සුද්ද කරන්නේ කවදාද????

0
125

නාත්තන්ඩිය 3නාත්තන්ඩිය නගරයේ පැවැත්වෙන ඉරිදා පොළ අවට ප්‍රදේශ කීපයකින්ම ජනතාව පැමිණෙන සති පොළයි. මෙම ඉරිදා පොළ නාත්තන්ඩිය ප්‍රා⁣දේශීය සභාව විසින් පාලනය කරනු ලබයි.පොළේ වෙළඳසැල් වලට පිටුපසින් පිහිටා ඇති කාණු පද්ධතිය කුණු සහ වල් ගස් වලින් පිරී ඇති අතර වෙළෙඳුන් පවසන්නේ මැසි මදුරු උවදුරද අපවිත්‍ර කාණු නිසා වැඩිවී ඇති බවයි.
ඉරිදා හිමිදිරියේම පොළට පැමිණෙන වෙළෙඳුන්ට කාණු වල සිටින මදුරුවන්ගෙන් මහත් පීඩාවක් බවත් ඔවුන් පවසන අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් වේලාවට ටිකට් කඩන නමුත් මේවා ගැන සොයා නොබලන බවට ඔවුන් චෝදනා කරති.