නාමලුත් කාර්දිනල් හිමියන් බැහැදැකිමට යයි !

0
127

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ  දිනයේ කාදිනල් හිමියන් බැහැදැකීමට පැමිණ උන්වහන්සේ ගේ ආශිර්වාද ලබා ගත් බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ

තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරනමෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා බවද එම පුවත් වල සදහන්ය

පාස්කු ප්‍රහාරය ට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ බලතල සහිත ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය උන්වහන්සේ එහිදී අවධාරණය කළ අතර නාමල් රාජපක්ෂ ද එම යෝජනාව අනුමත කරනු ලැබි යැයි ද ලිඩර් වෙබ් අඩවිය සිය පුවතක සදහන් කර ඇත

පසුගිය කාලය තුල කාර්දිනල් හිමියන් සහ රාජපක්ෂ පවුල අතර පැවැති සමිපතාවය ප්‍රසිද්ධ රහසක් වි තිබුණි

පාස්කු ප්‍රහාරය රාජපක්ෂ පවුලේ බලය තවදුරටත් පවත්වාගෙන යාමට සිදුකරන ලද මෙහෙයුමක් බවට විවිධ චෝදනා පසුගිය කාලය තුල හිටපු ජනපති ගෝඨාභය වෙත එල්ල විය.

පාස්කු ප්‍රහාරයත් සමගින් රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරිම වෙනුවෙන් යැයි කියා ජනාධිපතිවරණයට ඉදිරිපත්වු ගෝඨාභයට  සහය දිය බව හැඟවෙන පරිදි කාර්දිනල් හිමියන් විසින් කරන ලද ඇතැම් ප්‍රකාශයන් කතෝලික සභාවට එක්ව ඇති මැකිය නොහැකි කලු පැල්ලමක් බව නම සදහන් කිරිමට අකමැති වු මිගමුවේ කිතුණු නායකයෙකු මිපුරට කියා සිටියේය