නායකයාගේ ඉල්ලිම අහක දැමු මීගමුවේ විපක්ෂය …

0
71

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2013 මැයි 11 වනදා මුළු දවස පුරා මීගමුවේ ඇවිද්දේ පක්ෂයේ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ මීගමු මෙහෙයුම ක්‍රියාත්මක කරමිනි.
ඔහු සහභාගි වු ඒ සෑම රැස්විමකදි අවධාරණය කළ එක් කරුණක් විය.
එනම් මැයි 15 වනදා කොළඹදි පැවැත්වෙන එකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ වෘත්තිය සමිති විසින් කොළඹදි පවත්වන්නට නියමිත උද්ඝෝෂණයට සහභාගි වන ලෙසය.
මහින්ද රෙජිමය එළවිමේ සටන මැයි 15 දායින් පටන් ගමු යැයිද ඔහු යෝජනා කළේය.
මීගමුව පුරාම ගොස් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලිමට අද දිනයේ ප්‍රතිචාර දක්වා තිබුනේ මැයි 11 වනදා සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධව සිටි එජාප ක්‍රියාකාරින් දෙදෙනෙක් පමණි.
අද දින උද්ඝෝෂණයට සම්බන්ධ වන්නේ දැයි  මීගමුව එජාප නාගරික මන්ත්‍රි රවි ජිවානන්දගෙන් නිදහසේ වේදිකාවේ ක්‍රියාධරයෙකු විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ ඒ ගැන වැඩපිළිවෙලක් මීගමුව ආසනය තුල ක්‍රියාත්මක නැති බවය.
මේ සටහන අප තබන්නේ මීගමුවේ විපක්ෂ ක්‍රියාකාරිත්වයක් නැතැයි අප දිගින් දිගටම මතුකරන කාරණය තවදුරටත් සනාථ කරනු පිණිසය.
මේ යථාර්ථය තුල අප දකින්නේ මීගමුව තුල ආණ්ඩු පක්ෂය අද හිටි පිණුම් ගසන්නේ ආණ්ඩුවට කිසිදු විරෝධයක් නොදක්වන බහුතර මන්ත්‍රිවරුන්ගෙන් අද විපක්ෂය සමන්විතව පැවැතිම නිසාය.
ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් මීගමුවේදි එජාපයට ජන්දය දුන් ජන්ද දායකයන්ගේ ජන්දයේ වටිනාකම මේ මන්ත්‍රිවරුන් භාවිතා කරන්නේ ඇමති නිමල් ලංසා ලවා තමන්ගේ පවුලේ වැඩකටයතු කරගැනිමටය.
එසේ නොවන්නේ නම් මැයි 11 වනදා සිය පක්ෂ නායකත්වය මීගමුවට පැමිණ කළ ආරාධනය ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙලක් තිබිය යුතුය.
එහෙත් අප දන්නා තරමින් 00RWඅද දින උද්ඝෝෂනයට පැමිණ තිබුනේ පෙරියමුල්ල ප්‍රදේ්ශයේ එජාප ක්‍රියාකාරිකයෙකු වන ගන්ටන් මහතා සහ කුරණ ප්‍රදේශයේ ලින්ටන් මහතා පමණි.