නායකයෝ කියන්නේ දුර දකින අයට ,දුර පෙනෙන අයට?

0
216

 

අපේ රටේ ඇතිවෙන්න දේශපාලකයෝ නම් ඉන්නව හැබැයි අඩුව තමයි නායකයෝ නැති එක.

නායකයා කියන්නේ දුර දකිනකෙනා.එයාට පුලුවන් ඉස්සර ගැන පුරෝකතනය කරන්න.

මේකට දෙන්න පුලුවන් කදිම උදාහරණයක් තමයි කොරෝනා කා⁣ලේ රනිල් වික්‍රමසිංහ විනාඩි 3කට අඩු කාලයක් තුල කොරෝනා අර්බුදය ගැන තිබුන සාකච්ඡාවකදි කියපු කරුනු ටික.

වැදගත්ම දේ තමයි රනිල් එදා කිව්වා මේකෙ දෙවන වටය එන්නේ මාලු ආශ්‍රිත තැනකින්වගේ කතාවක්

හරිනේ කොරෝනා දෙවන රැල්ල ආවේ පෑලියගොඩින්

දැන් සජිත් ඔහේ බස් බෙද බෙද යනව.ප්‍රයෝජනවත් තමයි.නමුත් සුව සැරිය වගේ එකක් කොරෝනා කාලේ නොතිබුනානම් මොහොතකට හිතන්න.

එදා සුවසැරිය ගැන රාජපක්ෂලගේ ගොට්ටෝ මැටි දොස්තරල මොනවද නොකිව්වේ.

අපි දැන් මුහණ දිල තියෙන අර්බුදය හරියට විසදන්න පුලුවන් දේශපාලකයන්ට නම් නෙමෙයි  නායකයන්ට විතරයි.අනික බර දේශපාලන ටොක්ස් දුන්නට නායකයෙක් වෙන්න නැ.

එහෙම දුර දකින අය තමයි රට සංවර්ධන කිරිම ගැන අවුරුදු ගානකට දුර දැකල ඒ ඉල්ලකයට යන්න සැලසුම් හදන්නේ.

දැන් ජනාධිපතිවරණයට ඉල්ලන අයගෙන් අවුරුදු ගානක් ඉස්සර ගැන හිතල සැලැස්මක් ගැන කතා කරන අය ඉන්නවද?දැන් මැයි දින රැළි වල දේශපාලකයන් කියපු කතා එකින් එක අරගෙන හොදට විග්‍රහ කරා නම් තේරෙයි.එයාල දේශපාලකයන්ද නැත්නම් නායකයන්ද කියල

බෙන්ජමින් ප්‍රනාන්දු -වෙරොනා ඉතාලිය