නායකයෝ කියන්නේ වෙන්න යන දේවල් කලින්ම දකින අයට මිසක් මාධ්‍ය සංදර්ශනකාරයන්ට නෙමේ ..

0
58

ලංකාවේ කොරෝනා වසංගත කළමණාකරණය හරියට දැන් කෝකියො වැඩි වෙච්ච හින්ද අප්සට් වුණ සුප් එකක් වගේ . ඒ තරමට අවුලක් .ඇයි දෙයියනේ සෞඛ්‍යයටම ඇමතිල කියක්ද ? ඒ මදිවට සෞඛ්‍ය ගැන මෙලෝ මල බෝලයක් දන්නේ නැති හමුදාකාරයෝත් දැන් ඒවායේ ලොක්කො කරල .

මේ හැත්ත බුරුත්තම ඉදලත් දැන් මොකද ලංකාවට වෙලා තියෙන්නේ . මේ කව්රුත් කල් ඇතිව දැක්කද ලංකාවට මොකද වෙන්න යන්නේ කියල.රටක නායකයෝ කියන්නේ වෙන්න යන දේවල් විද්‍යාත්මක විග්‍රහ කරල අනික් රටවල් වල වෙන දේවල ගැන හදාරල ඒ හැම දෙයක්ම විග්‍රහ කරගෙන ඉස්සරට වෙන්න ඕනා සුදානම ගැන කල්ඇතිවම කියන්න පුලුවන් අයට .දැන් තේරෙනවා නේද මේ ආන්ඩුවේ එහෙම උන් කව්රුත් නෑ කියල.

බැසිල් දැන් කල්පනා කරන්නේ කොරෝනා අස්සේ එයා ජනාධිපති වෙන වැඩේට අදාල මාධ්‍ය සංදර්ශනය ඉස්සරහට ගන්න . බැසිල්ගේ ලගම පෙත්තප්පු වෙච්ච ලංසා බැසිල්ට පාර්ලිමේන්තුවෙයි පිටයි කියාගන්න බැරිදේවල් ලියල දුන්නම විරයාගේ වගේ කියන කෙනාගේ චරිතය රගන කෙනා වෙලා.
එයා දන්නේ නෑ කටඅරින විනාඩියක් ගානේ එයා පජාත වෙන හැටි ගැන ,
ලංකාවෙ අද ඇතිවෙමින් තියෙන මේ තත්වය ගැන හරියට කියපු මිනිහා තමයි රනිල් .

එයා පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ 24 වෙනිදා හරියටම කිව්වා වෙන්න යන දේයි කරන්න ඕන දේයි. එහෙම අයට තමයි අපි කැමැති වුනත් නැතිවුනත් නායකයෝ කියල කියන්න පුලුවන් .රනිල් කිව්වා ඊළග රැල්ල ධිවරයෝ ඉන්න තැන්වලින් වතුකරයෙන් එන්නේ කියල..
හරිනේ දෙවනි රැල්ල ආවේ පෑලියගොඩින් වතුකරේටත් ගියා .
එදා රනිල් කිව්වේ පුලුවන් තරම් ටෙස්ටින් කරන්න . වෙන්ටිලේටර්ස් ගන්න බලන්න . රටවල් වලට කථාකරන්න . අපි මෙහෙ හදන්න බැරිද කියලත් ඇහැව්වා.

මහින්ද කිව්වා එතන ඉදන් ඔව් අපි දැන් බලනව ඒ ගැන කියල.
නමුත් කෝ කෙරුම්.



අයිඩිඑච් වගේ තව රෝහලක් හදන්න කියලත් එදා රනිල් කිව්වා. අනික රනිල් කිව්වා තව ICU බෙඩ් හදන්න කියල ..
කෝ ඒ එකක් වත් කරපු නැති පාලකයෝ දැන් පාරවල් ගානේ සංදර්ශන තියලා අර නේවාසිකාගාරවලට පාවිච් කරන්න පුලුවන් විදියේ යකඩ ඇදවල් හදනව මදිවට ඒව ෆේස් බුක් දාල ආතල් දෙනවා .
මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕන රටක නායකයෝයි දේශපාලකයොයි කියන්නේ දෙගොල්ලක් කියල.