නාවික හමුදා භටයන් අතර කොරෝනා පැතිරයාම වැඩිවුනේ ඇයි ?

0
97

Navy 1කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(18) හඳුනා ගත් අතර ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණ මේ වන විට නිරෝධායනයට යොමු කළ ‍අයෙක් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හඳුන ගෙන ඇති සමස්ත ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 540 දෙනෙකු වන බව ද වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

පසුගිය අප්‍රෙල් මස 21 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරෙන් පළමු කොරෝනා ආසාදිත සෙබළා හඳුනා ගත් පසු මේ වන තෙක් එම කදවුරේ ආසාදනය වීමේ අඩුවක් දකින්නට නැත්තේ මන්දැයි වසංගත රෝග විශේෂඥයන් කරුණු පැහැදිලි කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දෙන්නේ නාවික හමුදා කඳවුරේ සෙබලුන් 5600 පමණ සිටින සංයුක්ත තැනක් නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.මෙම සීමිත ඉඩකඩ තුළ එකිනෙකා සමග ගැටීමේ ඇති ඉඩකඩ ඉතා වැඩි නිසාද මෙම තත්ත්වය මෙසේ වීමට බලපා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

දැනට වැලිසර හමුදා කඳවුරේ සිටින ආසාදිතයන් එහි විවිධ අවස්ථාවන් පසු කරමින් සිටින බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් වැලිසර කදවුරෙන් වෛරසය කිසිසේත්ම සමාජගත වීමක් සිදු නොවන බව තහවුරු කළ හැකි යැයි ද ඔහු අවධාරණය කලේය.