නාස්තිකාර සංවර්ධනයේ ප්‍රථිපල ! මීගමු මාළු වෙළදපලේ තවත් කොටසක් කඩාවැටේ!

0
87
ලුණට දිරාපත්විම හේතුවෙන් කඩන් වැටෙන මාළු වෙළද පොල

IMG_20200424_082559IMG_20200424_082547

( 10.05.am ) නිමල් ලංසා විසින් විධිමත් ලෙස සැලසුම් නොකර සුදුසුකම් නැති අයෙකු ලවා මුහුදු පරිසරයට නොගැලපෙන සේ තහඩවලින් ඉදිකරන්නට යෙදුන මාළු වෙළදපලේ තවත් කොටසක් ඊයේ රාත්‍රි කාලයේදි කඩාවැටී තිබේ.
මේ වන විට මෙම ඉදිකිරිම බොහෝ තැන්වලින් දිරාපත්ව ගොස් ඇති අතර දැනටමත් තැන් කිපයක් මෙසේ කඩා වැටි ඇත.
ලුණු සහිත මුහුදු පරිසරයකට තහඩු නොගැලෙපෙන බවවත් නොදන්නා අයෙකුගේ දැනුමේ තරම ධිවරයන් විසින්ද දැන් අත්දකිමින් සිටිති.ව
සැබැවින්ම මේ ආකාරයෙන් මිගමුවේදි විනාශ වෙමින් ඇත්තේ දුරදිග නොබලා කොමිස් ගැන පමණක් බලා සිදුකරන සංවර්ධන කටයුතුය.
නිසි සැලැසුමක් නැතිව මේ ආකාරයෙන් නිමල් ලංසා විසින්ම කරන්නට යෙදුන ඉදිකිරිම් රාශියක් මිගමුව තුල නිකන්ම නිකන් සුදුඅලි බවට පත්ව තිබේ.,
ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනින් නාස්තිවි ගොස් ඇත්තේ මිගමුවේ සංවර්ධනය සදහා වෙන්වු මුදල්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here