නාස්තිය නොපෙනෙන සමාජයට කවදා එලියක් ලැබේද ?

0
126

IMG-20200201-WA0007පෙ. ව. 7ත් පසුවී ඉර නැග එ⁣මින් තිබින .පාරේ තැනින් තැන විදුලි පහන් දැල්වෙමින් තිබුනු අතර මින් පාර දිගටම විදුලි බුබුළු දැල්වෙමින් තිබුනේ තිඹිරිගස්කටුව පංසල පාරෙහිය. මේවා නිවා දමන්නට කිසිවෙකු ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත . රාත්‍රියේදී නම් මෙම විදුලි බුබුළු දැල්වීම සඳහා කවරෙකු හෝ සිටී. නමුත් නිවා දමන්නට කිසිවෙකු නැත .විදුලි බල මණ්ඩලයට හෝ වෙනත් ආයතනයකට මේ සඳහා මැදිහත් විය යුතුයැ⁣යි කිව නොහැක . මෙය සුළු කටයුත්තකි. විදුලි කනුවක් සිටුවා ගැනීමට නම් අදාල ආයතන සමඟ දැඩි අරගලයක යෙදෙන මිනිස්සු එසේ ලබාගත් දේ රැකගෙන නඩත්තු කිරීම සඳහා මැදිහත් නොවේ.
තමන්ගේ කාරිය පමණක් සළකා කටයුතු කරන මේ සමාජය තුළ ආත්මාර්ථකාමීත්වය වෛරස් රෝගයක් මෙන් පැතිර ගොස් ඊට සියල්ලන් ගොදුරු කර ගනී. ඉන් මිදී කටයුතු කළ හැකි පිරිස ඉතාමත් අල්පය. එවැනි එක් පුද්ගලයකු වරක් කඩොල් කැලේ ප්‍රදේශයේදී මාහට හමුවිය.ඔහු පාන්දර අවධිවී ගම වටා ගොස් සියළු විදුලි බුබුළු නිවා දමයි . මෙසේ යනවිට කෙක්කක්ද රැගෙන යයි. ඒ උසින් තිබෙන විදුලි බුබුළු නිවා දැමීමටය. මෙය ඔහුගේ දිනචරියාවේ එක් කොටසකි.මෙවැනි තවත් අය මා දැක ඇත්තෙමි. පොදු සමාජයේ බහුතරය එසේ නොවන බව පැහැදිළිය. තමන්ගේ පුද්ගලික ප්‍රශ්ණයක් නම් ප්‍රබල මැදිහත් වීමක් කරන මේ සමාජයේ මිනිස්සු සාමුහික මිනිස් ක්‍රියාකාරකම් නොහඳුනති .
මේ නිද්‍රශීලී මිනිස් සමාජය අවධි කිරීමට නව එලියක් අවැසිය. ඒ සඳහා අවධි නොවන්නන් අවධි කල හැකි අවධි කරන්නන් සිටිය යුතුය . ඒසඳහා නැඹුරුව ඇති පොදු හැඟීමක් අැති මිනිසුන් බිහි කළයුතුය.