නැගෙනහිර ජනයාට නොර්වේ සිසුවියන්ගේ අතහිත !

0
49
yamca 1පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සංවිධානයෙන්, නෝර්වේ රාජ්‍යයේ ෆර්දා නගරයෙහි පිහිටි ෆෝක් හයි ස්කූල් නම් විශේෂ පාසලකට අයත් 11 දෙනෙකුගෙන් යුත් සිසුවියන් පිරිසක් මේ දිනවල උතුරු මැද පලාතේ හොරොව්පොතාන සහ නැගෙණහිර පලාතේ ගෝමරන්කඩවල ප්‍රදේශයන්හී සංචාරය කරමින් සිටි. සංචාරය අතරතුර මොවුන් එම ප්‍රදේශවල විවිධ සේවා කටයුතුවල නියලෙන අතර ගොවි පවුල් සමග එකට ජීවත්වෙමින් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සඳහා ස්චේච්ඡාවෙන් සහය දක්වන අතර ඉදිරි දින කීපය තුළ එම ප්‍රදේශයන් හී දරුවන්ගේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය වන පරිදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

රිද්ම ෆොන්සේකා