නැගෙනහිර මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරින් පිරිසකට සිංහල අන්තවාදින්ගෙන් හිරිහැර.

0
144

ඇතැම් භික්ෂුන් සහ අන්තවාදි සිංහල කණ්ඩායම් විසින් පසුගිය දිනවල උතුරේ මෙන්ම නැගෙනහිරදිද දමිළ බස කතා කරන ජනයාට ,සිවිල් ක්‍රියාකාරින්,මාධ්‍යවේදීන් ට සහ අතැම් අවස්ථාවලදි ආගමික නායකයන් හටද ව්විධ හිරිහැර කර ඇතැයි වාර්තාවේ.

විශේෂයෙන්ම නැගෙනහිර සත්ව පාලනයේ යෙදෙන ගොවින් ගේ ඉඩම් ආක්‍රමණය කරිමින් විවිධ හිරිහැර කිරිම් මීට පෙරද අවස්ථා ගණනාවකදි සිදුන තිබේ.

මෙහි මෑතම සිදුවිම පසුගිය 30 වනදා වාර්තා විය.

මෙහිදි මාධ්‍යවේදීන්ට මෙන්ම සිවිල් ක්‍රියාකාරින් විවිධ හිරිහැර සිදුකර තිබුණි.

මෙහිදි මාධ්‍යවේදීන් හට සිදුවු හිරහැරය ගැන ජාත්‍යන්තර සංවිධානය වලද අවධානය යොමු කර තිබේ.

ජේෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය මේ පිළිබදව ඔහුගේ ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබුණි.

(නිව් යෝර්ක්, අගෝස්තු 30, 2023) – නිදහස් දෙමළ මාධ්‍යවේදීන් වන සෙල්වකුමාර් නිලන්තන්, වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් සහ ඇන්ටනි ක්‍රිස්ටෝපර් ක්‍රිස්ටෝපර් ක්‍රිස්ටිරාජ් යන අයට මෑත කාලීන හිරිහැර කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් විමර්ශනය කර අපරාධකරුවන් වගකිව යුතු බව නිව්යෝර්ක් මූලස්ථානය කර ගත් “මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව” CPJ බදාදා ප්‍රකාශ කළේය.

දහවල් 12.30 ට පමණ. අගෝස්තු 22දා මඩකලපුව නැගෙනහිර දිස්ත්‍රික්කයේ මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ගව ගොවීන්ගේ ඉඩම් රාජ්‍ය අනුග්‍රහයෙන් ආක්‍රමණය කිරීම පිළිබඳ වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් තිදෙනා බෞද්ධ භික්ෂුවක් ප්‍රමුඛ සිංහල මිනිසුන් 50ක් පමණ කණ්ඩායමක් විසින් ඔවුන් පැමිණි වාහන වටකර ගත් බව වාර්තා වී තිබුණි.

මාධ්‍යවේදි නිලාන්දන්ඇතුළු නැගෙනහිර මාධ්‍යවේදින් පිරිසක් තමන්ට විවිධ තර්ජන ඇති බවටද අවස්ථා ගණනාවකදි මතුකරන්නට උත්සාහ ගෙන තිබුනි.

මේ ඇතැම් අවස්ථාවන්හිදි සැබැවින්ම පොලිසියෙන් සහ අධිකරණයෙන් තහනම් නියෝග එල්ල වි තිබුනේ ඔවුන්ගේ මාධ්‍ය වෘත්තිය නිසාම නොවන බවත්, ඔවුන් විසින් සිය වෘත්තිය ලෙසින් කටයුතු කරගෙන යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නිසා බවද පැහැදිලි වි ඇතැයි නැගෙනහිර ආරංචි මාර්ග දක්වා සිටි.