මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්රිවරුන්ගේ පැටිකිරිය මුළු මිගමුව පමණක් නොව දැන් රටම දනි. එවන් තත්වයක් තුල මේ සහන මළු සැබැවින්ම දුප්පතුන් අතට පත්විම නම් ඉදුරාම සැක සහිතය.
මහජන බදු මුදල් වැය කරමින් කළ යුත්තේ ලැබිය යුත්තන් වෙත සහන සැලසිම මිස සිය අයියාගේ දේශපාලන ප්රචාරණය වෙනුවෙන් දේශපාලකයන් හට ඒවා බෙදා දිම නොවේ.
නමුත් පිටුකොදු බිදගත් විපක්ෂයක් හමුවේ මේ කප්පම් දේශපාලනයට එරෙහිව වන්නට කිසිෙවකුත් නැත.
මිගමුවේ කරුමය නම් ජවිපේ නියෝජිතයන් තිදෙනාද සැබැ පතෝල චරිත විමය.
ඔවුන් ගුණත් නැත. අගුණත් නැත.ඒ ජාතියේ ජවිපෙ මන්ත්රිලා ඉන්නේද මිගමුවේ පමණක් විය යුතුය.
(ඡායාරූපය නගරාධිපතිවරයාගේ මුහුණු පොතෙනි)