2013 ජුලි 14 වන දින බස්රථයකදි අතුරුදහන්වු තම සෝනි එරික්ෂන් දුරකථනය පිළිබදව මීගමුව පොලිසියේ ඇය පැමිණිල්ලක් සටහන් කළේ ජුලි 15 වෙනිදාය.එහිදි ලැබුණ උපදෙස් මත විදුලි සන්දේශන නියාමන කොමිසම වෙතද නැතිවු දුරකථනයේ එමි අංකය සමගින් පැමිණිල්ලක් සටහන් තැබුණි.
මසකට පමණ පසුව විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ලද පිළිතුරේ සදහන් ව තිබුණේ නැතිවු දුරකථනය නාවලපිටිය ප්‍රදේශයේ කිසියම් අයෙක් විසින් පරිහරණය කරමින් තිබුන බවය.
මේ පිළිබදව මීගමුව පොලිසියෙන් කරන ලද විමසුමකදි ඔවුන් පවසා සිටියේ ඒකි පුද්ගලයා දැන් ඒ දුරකථනය භාවිතා නොකරන බවකි.
සති මාස ගණන් ගෙවුණි.
එහෙත් ඇය තම උත්සාහය අත්නොහලාය. ඉඩ ලද හැම විටකදිම පොලිසියට මතක් කර සිටිමටද අමතක නොකළාය.
නැතිවු දුරකථනය පිලිබදව පැමිණිලි කිරිම සදහා ඇය සිය මව සමගින් මීගමුව පොලිස් ස්ථානයට ගියේ ඇඩු කඳුලිනි.
පොලිස් නිළධාරින් ඉදිරියේ පවා ඇයව පාලනය කරගැනිමට ඇය අසමත්වුයේ තමන් ට අහිමි වු දුරකථනය සහ එහි වු ජායාරූප තමන්ගේ ජිවිතයට ඒ තරම්ම සමිපවු බැවිනි.
ඇයගේ කඳුල කියවා ගැනිමට තරම් හදවත් තිබුණු පොලිසියේ සියළු දෙනා ඇයව සනසා ලන්නට වදනකින් හෝ සම්මාදම් වි තිබුණි.
විශේෂයෙන්ම මීගමුව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ඇයට පවසා තිබුනේ අපි කොහොම හරි අනිවාර්යෙන්ම ෆෝන් එක සොයා දෙන බවයි.
පසුගිය සතියේ දිනක යළිත් මීගමුව පොලිසියට ඇමතු අවස්ථාවේදි ඇයට දන්වා තිබුනේ 2014 අප්‍රේල් 26 වන දිනට මීගමුව පොලිසියට පැමිණෙන ලෙසය.
”ඔයාද පැමිණිල්ල දැම්මේ” අපරාධ අංශයේ බණ්ඩාර නම් පොලිස් නිළධාරියා ඇයගෙන් විමසා සිටියේය.
”ඔව් සර්” ඇය සෙමින් පිළිතරු දුන්නාය.
”බලන්න මේකද ඔයාගේ ෆෝන් එක”…
ඇයට ඇස් අදහා ගත නොහැකි විය .
යළිත් ඇය ඉකි බිඳින්නට පටන්ගත්තාය.
”මේ ෆෝන් එක හොයන්න බණ්ඩාර මහත්තය හුඟක් මහන්සි ගත්තා”යැයි පවසා සිටියේ මීට මාස 9 කටය ඉහතදි කෙසේ හෝ මේ ෆෝන් එක සොයා දෙනවා යැයි පොරොන්දුවක් ලබාදුන් අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතාය.
පොලිස් නිළධාරියෙකු ලෙස ඔහු සිය වගකිම ඉටුකර තිබුනේය.
මම එදා බස්එකේ ඉකි ගගහ අඬ අඬ එනකොට එතන හිටපු මාමා කෙනෙක් තමයි මට විදුලි සන්දේශන නියාමන කොමිසමේ ෆෝන් නම්බර එක(0112662215) දුන්නේ යැයි ඇය මතක් කර සිටියාය.
”දුවේ අඬන්න එපා මේ නොම්බරේට කථා කරල ගිහින් පැමිණිල්ලක් දාන්න.””
ඇය ඒ මොහොතේද එය සිහිපත් කළාය.