spot_img
spot_img
spot_img
spot_img
Tuesday, April 8, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home informations නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

0
112
image 0cb2fe5703
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය හෙට (16)  දිනයේදී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය දක්වා ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදුයාමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට හා නාවුක කටයුතුවල නිරතවන්නන්ට දැනුම් දී තිබේ.දැනට ධීවර කටයුතුවල නිරතවෙමින් සිටින අය වේ නම් වහාම ගොඩබිම් හෝ ආරක්‍ෂිත ප‍්‍රදේශයන්ට පැමිණෙන ලෙස දැනුම්දීමක් කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරි දිනවල දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයන්හි මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
lankadeepa.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here