නැව්පති හා පහර කෑ මාධ්‍යවේදියා අතර හමුවක් !

0
138

SLMපසුගියදා හම්බන්තොට වරායේ දී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා හා පහරදුන් නාවික හමුදාපතිවරයා අතර සුහඳ හමුවක් පවත්වා ආන්දෝලනයට ලක්ව ඇති ‘වරාය ගැටුම’ සමතයකට පත්කරලීමට දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේවනවිට කටයුතු කරමින් සිටිති.

හම්බන්තොට වාරයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් නෞකාවක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටී අවස්ථාවේදී එය මුදා ගැනීමට පැමිණි නාවික හමුදාපතිවරයා විසින් එහි පැවති නොසන්සුන්කාරී තත්වය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදියෙකුට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව අද (14) පස්වරුවේදී ආරක්ෂක ලේකම්වරයා වෙත ලබාදීමට නියමිතය.

මේ වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව තීන්දු තීරණ ගැනීමට ආරක්ෂක ලේකම්වරයා බලාපොරොත්තුවන බව සදහන්වේ.

ඉල්ලා අස්වීමේ සුදානමක :

කෙසේවුවද නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර‍ විජේගුණරත්න මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ, හම්බන්තොට වරායේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයකින් තමා වැරදිකරු වුවහොත්, නාවික හමුදාපති තනතුරින් ඉල්ලා අස්වන බවයි.

ජත්‍යන්තර නෞකාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම ඉටුකරන්නේ නාවික හමුදාව බවත් පවසන නාවික හමුදාපතිවරයා, මුහුදු කොල්කරුවන්ගෙන් හෝ කඩාකප්පලකාරි පිරිසකගෙන් නැව් මුදවාගැනීමේදී නාවික හමුදාවේ හැසිරීම වෙනස්බව පෙන්වා දෙයි.

ප්‍ර‍චාරය නොවු වීඩියෝපට :

නාවික හමුදාව එකවරම වරායට කඩානොවැදුනු බව පවසන හෙතෙම අවධාරණය කරන්නේ සිදුවීමට පෙර දින අදාල නෞකාවන් ග්‍ර‍හණයෙන් මුදවන ලෙස විරෝධතාකරුවන්ට නාවික හමුදාව දැනුම්දුන් බවයි.

පහරකෑමට ලක්වූබව කියන මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේනම් තමා ඊට නොපැකිළව ඉදිරිපත්වන බවද නාවික හමුදාපතිවරයා පවසයි.

උද්ගතවූ තත්වය සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය නොවු වීඩියෝපට ඇතැයිද, නීතිය ඉදිරියේදී ඒවා ඉදිරිපත් කර අදාල අවස්ථාවේ සිදුවූ සත්‍ය තත්වය පෙන්වීමට සූදානම් බවද ඔහු කියා සිටියි.