නැව ගිණිගෙන කාලෙක පසු අගමැතිට ධිවරයන් මතක් විම?

0
141

අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11)  පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව වැඩිදුරටත් එහි සදහන්ය

පරිසර,ධීවර,ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමත් අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දි තිබේ.

අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

කොවිඩ් වසංගත තත්ත්වය සමඟාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාව නෞකාව හේතුවෙන් අගතියටපත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සදුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
මේ පුවත සම්බන්ධයෙන් අප මිගමුවේ ධිවර සමාජ ක්‍රියාකාරියෙකුගෙන විමසා සිටි අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කලෙ කන්න බොන්න නැතිව ඉතා අසරණ තත්වයකට පත්ව සිටින ධිවර ජනයා ගැන අගමැතිටත් මතක් වි ඇත්තේ නැව් කේස් එකෙනුත් සති ගණනකට පසුවි බවය.
ධිවරයන්ගේ බඩගින්න ගැන අඩුම තරමින් සොයා බැලිමට කිසිදු දේශපාලකයෙකු පසුගිය කාලය තුල පැමිණ බවක් ගැන කිසිදු ආරංචියක් නොතිබුන බවට තමා ධිවර පුතෙකු යැයි කියා ගත් ඇමති නිමල් ලංසා පවා පැත්ත පළාතක ට නොපැමිණ තිබුන බවත් ඔහු කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here